හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා නිකුත්කළ පොසොන් දින පණිවුඩයේ වැරදි අටක් සඳහන්ව ඇතැයි සමාජ මාධ්‍ය තුල මේ වනවිට දැඩි කතාබහට ලක්වී ඇත.
බොහෝදෙනා පෙන්වා දෙන්නේ මිහිඳු මා හිමි දේවානම් පියතිස්සගේ පුතකු ලෙස හඳුන්වා දීමේ වරද පමණි. නමුත් වඩා විමසිලිමත්ව බැලූවිට මෙම ලිපියේ වැරදි ගණනාවකි.
"දේවානම්පියතිස්ස මහා නරපතියාණන් විසින් තම පුත්‍ර තනතුරේ ලා හැදු වැඩූ මිහිදු මාහිමියන් හට උතුම්වූ බුද්ධ ධර්මය ජම්බුද්වීපයේ සිට ශ්‍රී ලංකාවට දායාද කෙරුනේ ..."
1 - මුලික වශයෙන්ම මිහිඳු මාහිමියන් (ගිහිකල "මහින්ද" ) ධර්මාශෝක රජුගේ පුතෙකි. පළමු වචනයම වැරදිය.
2 - ඔහු "තම පුත්‍ර තනතුරේ ලා හැදූ වැඩූ " යන්නේන් අදහස් වෙන්නේ, දේවානම්පියතිස්ස විසිනි මහින්ද දරුකමට හදාගත් අයකු බවය. එය එසේ නොවේ. මහින්ද යනු, ධර්මාශෝක රජුගේ පළමු බිරිඳගේ පුතුය.
"...මිහිදු මාහිමියන් හට උතුම්වූ බුද්ධ ධර්මය ජම්බුද්විපයේ සිට ශ්‍රී ලංකාවට දායාද කෙරුනේ ..."
3 - "...මිහිදු මාහිමියන් හට උතුම්වූ බුද්ධ දර්මය ජම්බුද්විපයේ සිට ශ්‍රී ලංකාවට දායාද කෙරුනේ..." යන්න ව්‍යාකරණ අනුකූලව වැරදිය. මින් අදහස් වන්නේ බුද්ධ ධර්මය මිහිඳු මාහිමියන්ට ජම්බුද්වීපයේ සිට ශ්‍රී ලංකාවට දායාද වූවක් බවය. එහි කිසිදු අරුතක් තේරුම් ගත නොහැක.
4 - "පුත්‍ර තනතුරේ ලා හැදූ වැඩූ මිහිඳු මාහිමියන් " පුත්‍ර තනතුරේ ලා හැදු වැඩුනේ මිහිඳු මාහිමියන් නොව මහින්දය. මිහිඳු මාහිමියන් බවට පත්වන්නේ පැවිදි වීමෙන් පසුවය. ඉපැදුන ගමන් පැවිදි වී, පුත්‍ර තනතුරේ හැදී වැඩුන බවක් මින් අදහස් වේ.
"එබැවින් පරම ප්‍රනීත වූ උතුම් බුද්ධ වචනය පළමු වරට ශ්‍රවනය වූ පොසොන් පෝ දිනය..."
5 - උතුම් බුද්ධ වචනය පළමු වරට ලෝකයට ශ්‍රවනය වුයේ, බුදුන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව වූ ධම්ම චකක්පවත්තන සූත්‍රය තුලිනි. පර්සි මහේන්ද්‍ර අදහස් කරන්නේ ලංකාවට බුද්ධ වචනය පළමු වරට ශ්‍රවනය වූ දිනය ගැන විය යුතුය. එසේ වුවද ඔහු වැරදිය. මන්ද මහින්දාගමනයට පෙර බුදුන් 3 වරක් ලක්දිවට වැඩමකොට ධර්මය දේශනා කළ බැවිනි.
"..අප ඇසු පළමු බුද්ධ වචනය මිනිසා, සතා සිවුපාවා, ගහකොළ සේම උපනූපන් සියලු සත්වයන්ට මෛත්‍රිය වැඩිය යුතු බව.."
7 - ධම්ම චක්කපවත්තන සූත්‍රයේ බුදුන් දේශනා කෙළේ මධ්‍යම ප්‍රතිපදාව ගැනය. නොඑසේව මෛත්‍රීය ගැන නොවේ. පර්සි මහේන්ද්‍ර අදහස් කරන්නේ මිහිඳු ආගමනයේ දී ලංකාව පළමුව ශ්‍රවනය කළ බුද්ධ වචනය නම් , එයද වැරදිය. මන්ද මිහිඳු මාහිමි දේශනා කළේ "චුල්ල හත්ථි පදෝපම සූත්‍රය" වන අතර, එහි මිනිසා, සතා සිවුපාවා, ගහකොළ සේම උපනූපන් සියලු සත්වයන්ට මෛත්‍රී කළ යුතු බවක් සඳහන් නොකරණ බැවිනි.
8 - මෛත්‍රී භාවනාව ගැන අබමල් රේණුවක් හෝ දන්නා කෙනෙකු මෙබඳු කෙබර දෙසන්නේ නැත. කරණීය මෙත්ත සුත්‍රයේ කිසිදු තැනක අජීවී "ගහකොළ" ට මෛත්‍රී කරන ලෙස පවසන්නේ නැත. නූපන් සත්වයන්ට මෛත්‍රී කරන ලෙස සඳහන් වන්නේ කුමන ධර්ම දේශනාවකද යන්න දන්නා අයෙක් වේ නම් පවසත්වා.
(ලංකා ඊ නිව්ස්)
මහින්දගේ පොසොන් පණිවුඩයේ බරපතල දෝෂ 8 ක් !
2017-06-10T12:49:00+05:30
Gossip Lanka Hot News