gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

FB එකේ බුදු පිළිමයක් විකෘතිකළ මුසල්මානුව හිරේ !

ෆේස්බුක් සමාජ ජාලයට බුදු පිළිමයක් විකෘතිකර පළ කළ බවට සැකපිට කඩුගන්නාව දන්තුරේ ප්‍රදේශයේ මුස්ලිම් තරුණයකු අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන ජුනි 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.

එම තරුණයාගේ නිවසට ගල් ප්‍රහාරයක් එල්ල කළ තවත් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගතකර ඇත්තේ නොම්බර 291 මුන්වගොඩ දන්තුරේ ලිපිනයේ පදිංචිව සිටි විසිඑක් හැවිරිදි අබ්දුල් රහීම් මහමුද් සුවාහිර් නැමැති අයයි.
ඔහුගේ නිවසට ගල් ගැසූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ නාඩිතලාව දන්තුරේ පදිංචි තිස්හතර හැවිරිදි පහළ ගෙදර රණසිංහ හා උඩවෙල දන්තුරේ පදිංචි 40 හැවිරිදි ගලහිටියාවේ ගෙදර නිශාන්ත කුමාර නැමැති දෙදෙනාය.

ආගමට හෝ ජාතියට බැන්නොත් වසරක් හිරේ

මේ අතර, මෙරට ජීවත්වන විවිධ ජනවර්ග හා ආගමික ප්‍රජාවන්ට එරෙහිව සිදුකරනු ලබන වෛරී ප්‍රකාශයන් ප්‍රචන්ඩකාරී තත්ත්වයන් නීතියේ ආධිපත්‍ය සුරැකීමට හා ප්‍රජාතාන්ත්‍රික සමාජයක් පවත්වාගෙන යාමට බාධාවක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියයි.

යම් තැනැත්තෙක් අන් අයගේ ආගමික හැගීම්වලට රිදිවීමේ චේතනාවෙන් සිදුකරන සෑම ක්‍රියාවකටම වසරක සිරඳඩුවම් හිමිවන වරදකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka