ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව කඩුලු 7කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිලට ලකුණු 76ක් රැස් කළ ධනුෂ්ක ගුණතිලකගේ ඡායාරූපයක් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිල ෆේස්බුක් පිටුවේ ප්‍රධාන ඡායාරූපය ලෙස යොදාගෙන තිබේ.
ආරම්භක පිතිකරු ලෙස පිටියට එක්වූ ධනුෂ්ක මේ තරගයේදී දුවද්දී දැවීයාමකට ලක්ව පිටියෙන් ඉවත්වන විට හයේපහර 2ක් හා හතරේ පහර 7ක් එල්ල කිරීමට සමත්ව තිබිණි.
එංගලන්තයට එරෙහිව 2007 වසරේදී ලන්ඩන් ඕවල් පිටියේ පැවැති තරගයකදී ලකුණු 317 ක ඉලක්කයක් හඹාගොස් ජයගනිමින් ඉන්දියාව මින් පෙර තබා තිබූ වාර්තාව බිඳ හෙළීමටද ශ්‍රී ලංකා කණඩායම මේ තරගයේදී සමත් විය.
කඩුලු 6කට ලකුණු 321ක් රැස් කළ ඉන්දීය පිලේ දැවැන්ත ඉලක්කය ශ්‍රී ලංකාව කඩුලු 3ක් පමණක් දැවී පන්දුවාර 49කදී සම්පූර්ණ කළේය.
ඉන්දියාව සැලැකෙන්නේ මේ තරගාවලියේ ශූරතා කුසලාන බලාපොරොත්තු අතර ඉදිරියෙන්ම සිටින කණ්ඩායම ලෙසය.
ධනුෂ්ක ICC ෆේස්බුක් කවරය වෙනස් කරයි
2017-06-09T16:40:00+05:30
Gossip Lanka Hot News