gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මල්වානේ ගෙයි සැලැසුමට අවසරයකුත් නෑ

මල්වාන ප්‍රදේශයේ පිහිටි අක්කර 16 ක ඉඩමේ ඉදිකර ඇති නිවසේ ගොඩනැගිලි සැලැස්ම අනුමත කර නොමැති බව දොම්පේ ප්‍රාදේශිය සභාවේ ලේකම්වරිය වන උපුලි මද්දුමගේ මහත්මිය කියා සිටියාය.

ඇය මේ බව කියා සිටියේ මේ සම්බන්ධයෙන් කළ විමසීමකදීය.

එම ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවිකරන ලෙසට අධිකරණය පසුගිය ඔක්තෝබර් මාසයේ තීන්දු කළේය.

රුපියල් මිලියන 208කට මේ දේපල තක්සේරු කර ඇති අතර මෙහි හිමිකරු බවට මුලින් සැකකෙරුණේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය.
එම දේපල වෙන්දේසියටද අධිකරණය දින නියම කළ අතර එහිදී එම ඉඩම සහ ගොඩනැගිල්ල මහජන ශුභසිද්ධිය සඳහා යොදා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව පවසමින් එය වෙන්දේසි කිරීම අත්හිටුවන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

අවසර නැති බිල්ඩිම තක්සේරු කිරීම ගැටලුවක් වෙලා

අදාළ, ඉඩමෙහි පොලිස් අභ්‍යාස ආයතනයක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වී ඇති බවද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, අවසරයක් නැති ගොඩනැගිල්ලක් තක්සේරු කිරීම පිළිබඳව මේවන විට ගැටලු පැන නැගී ඇතැයි පැවසේ.

අදාළ ඉඩමේ හිමිකරු මුදිත ජයකොඩි නැමැත්තෙකු බව පැවසෙන අතර ඔහු එය ලබාගෙන ඇත්තේ ටී. නන්දසේන නැමැත්තෙකුගෙන් බව අධිකරණයේදී හෙළිව තිබිණි.

කෙසේවුවද, මුදිත පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් පවසා සිටියේ එම ඉඩමේ හිමිකාරිත්වයක් තමන්ට නොමැති බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka