ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ පළමු කසාදයේ පුත් රසිඳු තිලකරත්න වයස අවුරුදු 15න් පහළ II වන කොටසේ තරගයකදී නැවත නොදැවී ශතකයක් වාර්තා කිරීමට සමත්ව ඇත.
කොළඹ රාජකීය විදුහලේ බී කණ්ඩායම නියෝජනය කරමින් රසිඳු මරදාන සහිරා විදුහලට එරෙහිව මේ දස්කම දක්වා තිබේ.
පන්දු 91 කදී වාර්තා වූ රසිඳුගේ ලකුණු 105 ට හතරේ පහර 14ක් හා එක් හයේ පහරක් අන්තර්ගතව ඇත.
රසිඳුගේ ශතකය රාජකීය බී කණ්ඩායමට සහිරා විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරගැනීමටද ඉවහල්ව තිබේ.
ලකුණු පුවරුව
සහිරා විදුහල (පන්දුවාර 59.1කදී) 172
(අකීල් මුතාලිප් 81, සජිඩ් හඩ්ජි 28, උතුම් දිසානායක 3/46. සංදේශ් රාජපක්ෂ 3/49, කවීෂ සත්සර 2/5)
රාජකීය (බී) (පන්දුවාර 42කදී) 273/4
(රසිඳු තිලකරත්න (නොදැවී) 105, නිතින් පනාපිටිය 53, දමිත් කේෂර 36, ලහිරු නදීරා 28, සහීඩ් නජීඩ් 2/26)
ඩිල්ෂාන්ගේ පුතා නොදැවී දෙවැනි සීයත් ගහයි !
2017-06-14T08:14:00+05:30
Gossip Lanka Hot News








