gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩෙංගු මර්දනයට ඕස්ට්‍රේලියාවෙන් බැක්ටිරියාවක්

ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සදහා ඕස්ට්‍රේලියාව සොයාගෙන ඇති නව බැක්ටිරියාව ශ්‍රී ලංකාවේ ද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එම බැක්ටිරියාව මගින් ඩෙංගු මදුරුවාගේ විෂ අඩු කිරීමේ හැකියාවක් ඇති අතර, එය දැනට වියට්නාමය, ඉන්දුනිසියාව වැනි රටවල අත්හදා බලා ඇත.
මෙම බැක්ටිරියාව කෘෂිකර්ම කටයුතුවලට ද යොදා ගනු ලබන බව ඒ පිළිබද පර්යේෂණ කළ ඕස්ට්‍රේලියාවේ මොනැෂ් විශ්වවිද්‍යාලය සදහන් කරයි.


ශ්‍රී ලංකාවේ මෙම පරීක්ෂණ ආරම්භ කිරිමට එම විශ්ව විද්‍යාලය බලාපොරොත්තු වන අතර, එය සාර්ථක වුවහොත් සෑම ප්‍රදේශයකටම බැක්ටිරියාව ඇතුල් කර ඩෙංගු මදුරු මර්දන කටයුතු ක්‍රියාත්මක කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක හසිත තිසේරා මහතා සදහන් කරයි.

මේ පිළිබද සාකචිඡා කිරිම සදහා ලබන මස ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණිමට ද නියමිතය.

නව තාක්ෂණය ක්‍රියාත්මක කිරිම තුලින් ඩෙංගු මදුරු මර්දන කටයුතු කඩිනම් කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka