ඊයේ ශ්‍රී ලංකාව සමඟ පැවැති චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟයේදී නියමිත කාලසීමාව තුළ පන්දු වාර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වීම හේතුවෙන් පාකිස්තාන නායක සර්ෆාස් අහමඩ්ට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් දඩ නියම කර තිබෙනවා.
තරඟ ගාස්තුවෙන් සියයට 20ක දඩයක් මෙහිදී නායක සර්ෆාස්ට නියම කර ඇති අතර, අනෙක් ක්‍රීඩකයන්ට නියම කර ඇත්තේ සියයට 10ක දඩ මුදලක්.
කෙසේ නමුත්, දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා පිළ මෙහෙය වූ උපුල් තරංගට පැනවූ ආකාරයෙන් පාකිස්තාන නායකයාට තරඟ තහනමක් පනවා නොමැති බවයි ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය සඳහන් කළේ.
උපුල් තරංග කළ වැරැද්දම පකිස්ථාන නායකයත් කරයි හැබැයි දඬුවම වෙනස්
2017-06-13T15:46:00+05:30
Gossip Lanka Hot News








