කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කරන කුෂාන් ශාලික හේරත් නම් ගුරුවරයා නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ වෙත මාරුකර යවා ඇතැයි වාර්තාවේ.
අධ්‍යාපන අමාත්‍යංශය මගින් ඔහු මෙසේ ඔහු දඩුවම් මාරුවකට ලක්කර ඇත්තේ ඔහු විසින් සිය ෆේස්බුක් ගිණුමේ කවියක් පළ කිරීම නිසාය.
කෙසේ වෙතත් ඔහුට විරුද්ධව කරන ලද විමර්ශන වලදී කිසිම චෝදනාවක් ඔප්පු කර ගත නොහැකි වු නිසා එම දඩුවම් මාරුව සේවා අවශ්‍යතාවය මත කරන ලද්දක් යැයි කරුණු වෙනස් කර ඇති බව පැවසේ.
ඔහු විසින් ලියල ලද කවිය පහත පළවේ
* දුයිෂෙන් දැන් ටියුෂන් එකක
අයිලයේ තැන් තැන් වල
පෝස්ටර් වල මූණ දාගෙන
ඔයා හිනැහෙනව ඒ වාගෙම
විස්වාස කරන්නත් අමාරුයි
දුයිෂෙන්න් මේ ඔයාමද....?
කළු රබර් පාවහන්
දූවිලි මිරිවැඩි අරන්
ආ පැටවු මත්තේ නැහුණු
මහා හදවත මරං
ඇයි ඔයා මෙහෙ ආවෙ
ඇමති පස්සෙන් ගිහින්
සිදාදියකට මාරුවක් හදං
මමත් දැන් මෙහෙ
කතිර මැස්මටම හුරු වෙනව
ජුකී මැශිමටම ජීවිතේ දිය වෙනව
ෆැක්ටරිය ඇතුලෙම
දවල් රෑ එලි වෙනව
ඔයින් මෙයින් කල වයස ගෙවිලා
ජීවිතේ ශිෆ්ට් එක පහුවෙනව
වසන්තය එනවා සත්තයි
දුයිශෙන් ඔයා කීවම
මමත් හිතුවේ එහෙමයි
ඒත් අයිලයට තවම ගිම්හානෙ
අප්පච්ව්ලාගේ ජීවිතේ කටුකයි
සල්ලි බාගේ හිඟ තැන
අම්මත් ගියා මුහුද පහු කරහෙන
එයාගෙනුත් තොරතුරක් නෑ
ගේ උනත් දැන් හුඟක් පාලුයි
පිදුරු අතුලා අටවපු
ඉස්කෝල මඩුවේ
මතකද එල්ලාපු ලෙනින්ගෙ පින්තූරේ
මම දැක්ක ඔයාගේ ටියුට් වල
පිටිපස්සෙ පිටුවේ
විප්ලවේ දැන් දරුණුයි නේද
නගරෙ ටියුෂන් ක්ලාස් අතරේ
කඩදාසි පිටු වලට
නම වැටෙනකොට ලොකුවට
සාරයිද මගෙ ගුරුතුමනි ජීවිතය
කටුක ගිම්හානයට,
ශීත හිම සුලියකට හසුනොවී
ගුරුතුමනි,
වසන්තය නුඹ ගන්න
අයිලයට වුනත් මොකටද
අපි හැර කවුරුවත් නාඳුනන
කැහැටු පොප්ලර් අතු ටික
කඩදාසි කලහැකිනම්
ඒ ගස් දෙකත් නුඹ ගන්න
කවිය ගුරුවරයාට ස්ථාන මාරුවක් හදයි !
2017-06-13T15:26:00+05:30
Gossip Lanka Hot News








