ඉන්දියාවේ ට්‍රිචී නගරයේදී පසුගිය සතියේ ඉන්දියානු පොලිසියට කොටුවී ඇත්තේ යාපනයේ ආවා ගෲප් නැමැති කල්ලියේ නායකයන් දෙදෙනෙකු බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
දේවා හා ප්‍රකාශ් නැමැති මේ දෙදෙනා දරුණු ගණයේ මංකොල්ලකෑම් සහ අපරාධ 17කට සම්බන්ධ බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ජාත්‍යන්තර පොලිසියේ සහය ඇතිව ඔවුන් ලංකාවට ගෙන්වාගැනීමට මේවන විට කටයුතු කරමින් සිටින බවද පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ආවා ගෲප් එකේ වන්නා නැමැති සැකකරු මේවන විට ඉන්දියාවට පලාගොස් එතැනින් ඉතාලිය බලා ගොස් අති බවත්, ඔහු ස්විට්සර්ලන්තයට පලායාමට සූදානමක් ඇති බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇති බව පැවසේ.
ආවා එකේ ඉන්දියාවට පැන්න “වන්නා” ඉතාලියට පැනලා
2017-06-06T14:35:00+05:30
Gossip Lanka Hot News