gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විරුද්ධ විය යුත්තේ ජාතිවාදයට නොව ජාතිභේදයටයි

රජය විසින් ජාතිවාදින් මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කළ ඇති නමුත් විරුද්ධ විය යුත්තේ ජාතිවාදින්ට නොව ජාතිභේදයට බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.

පෙරේදා (15) පැවති ජනතා ‍සේවක පක්ෂ නායක සෝමවංශ අමරසිංහ මහතාගේ පළමු වසර සැමරුම් උළෙලට සහභාගි වෙමින් ගුණවංශ හිමියන් මේ බව කියා සිටියේය.

“ජාතිවාදය“ යන වචනයට නිවැරදි අර්ථ කථනයක් ශබ්ද කෝෂය තුළ
පවා නොමැති බවත් පිරිහිණු දේශපාලඥයින් විසින් එම වචනය නිර්මාණය කර ඇති බව ද උන්වහන්සේ පැවසීය.

රට වෙනුවෙන් කතා කිරීම අද වන විට ජාතිවාදය බවට පත්ව ඇති බවත් වර්තමානයේ සෝමවංශ අමරසිංහ වැනි නායකයින් ජීවත්ව සිටියේ නම් ඔහු නිසැකයෙන්ම රටේ සම්පත් විකුණා දමමින් වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙලට විරෝධය දක්වන බව ද ගුණවංශ හිමියන් වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම කුමන ආණ්ඩුවක් පැවතියත් මව්බිම වෙනුවෙන් තමා නිරන්තරයෙන් පෙනී සිටින බවත් යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා ජනතාව ද සටන් කළ යුතු බවත් උන්වහසේ පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka