gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

7 හැවිරිදි නොදරුවෙකුට අනියම් සැමියා කළ නරුම වැඩේ - Video

අවුරුදු 7 ක කුඩා දරුවෙකුට අමානුෂිකව පහරදුන් පුවතක් මිහින්තලය ප්‍රදේශයෙන් වාර්තා වනවා..

දරුවාගේ පියා ඔවුන් අතහැර ගොස් තිබූ අතර තම මවගේ දෙවන සැමියා සමඟ මිහින්තලේ ප්‍රදේශයේයි ඔවුන් මේ වනවිට ජීවත් වන්නේ.

ඔහු අබාධිත යුද හමුදා සෙබලෙක් වන අතර මෙම පුදගලයා කාන්තාවට මුලින් පවසා තිබුනේ තමන් අවිවාහක අයෙකු බවයි.


කෙසේ වෙතත් පසුව අනාවරණ වී තිබුනේ ඔහු විවාහකයෙකු බවත් පළමු විවාහයෙන් ඔහුට වයස අවුරුදු 12 ක ළමයෙකු සිටින බවයි.

පසුව කල්ගතවෙද්දී මෙම පුද්ගලයා විසින් දරුවාට සහ කාන්තාවට අමානුෂිකව පහරදීමට පටන්ගෙන තිබෙනවා.

මෙලෙස සිදුකළ අමානුෂික පහරදීම් හේතුවෙන් දරුවාගේ ලිංගේන්ද්‍රියටද දැඩි ලෙස තුවාල සිදුවී තිබෙනවා.

තම දරුවාට සිදුවන කරදර සහ අමානුෂික පහරදීම් තවදුරටත් දරාසිටීමට නොහැකි වූ මව අද උදෑසන සිය දෙවන සැමියාට හොරෙන් නිවසෙන් පැනගොස් කෙලින්ම පැමිණෙන්නේ මිහින්තලය පොලිසියටයි.

එහිදී කාන්තාව කළ දැනුම්දීමට අනුව වහාම ක්‍රියාත්මකවූ පොලිසිය අදාළ නිවසට ගොස් දරුවාව සහ සැකකරු පොලිසිය වෙත රැඟෙනවිත් තිබෙනවා.

පොලිසිය විසින් සිදුකළ පරීක්ෂා කිරීම් වලදී සිරුරේ තිබූ දැඩි තුවාළ හේතුවෙන් දරුවා කඩිනමින් අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමට පියවරගත් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

28 හැවිරිදි සැකකරු අද අධිකරණයවෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මිහිනතලය පොලසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

වීඩියෝව  පහතින්..


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka