gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැසුණු පාසල් යළි ඇරෙන්නේ මෙහෙමයි

රට තුළ පැවති ආපදා හේතුවෙන් වසා දැමුණු පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එළඹෙන ජුනි මස 5 වන දින බස්නාහිර පළාතේ සියලූම පාසල්, සබරගමුව පළාතේ අවතැන් කඳවුරු ලෙස පවතින 15 ක් හැර ඉතිරි සියලු පාසල් හා දකුණු පළාතේ අවතැන් කඳවුරු ලෙස පවතින පාසල් 10 ක් සහ හානි සිදු වූ පාසල් 29 ක් හැර සෙසු සියලු පාසල් මෙලෙස විවෘත කිරීමට නියමිතයි.

මේ අතර අවතැන් කඳවුරු සඳහා සම්පූර්ණයෙන් සහ අර්ධ වශයෙන් යොදා ගැනෙන පාසල් ඉදිරියේ දී ආරම්භ කිරීම පිළිබඳ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පැවරෙනු ඇත.
මීට අමතරව හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි පරිදි හානි සිදු වී ඇති පාසල්වල කටයුතු  ආසන්නත ම පාසල්වලට අනුයුක්ත කර පවත්වාගෙන යාමේ  බලය ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවරා දී තිබේ.

හදිසි ආපදාවන්ගෙන් විපතට පත් වූ පාසල් දරුවන් හා ගුරුවරුන් වෙනුවෙන් අවශ්‍ය සහන ලබා දීමේ කටයුතු පිළිබඳව පැවති විශේෂ සාකච්ඡාවකට එක්වීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ අදහස් පළ කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී  හානි සිදු වූ පාසල් ගොඩනැඟිලි සහ දේපල නැවත නඟාසිටුවීම, පාසල් දරුවන්ට අවශ්‍ය නිල ඇඳුම්, පෙළ පොත් අභ්‍යාස පොත් ඇතුළු අනෙකුත් උපකරණ ලබා දීම, විපතට පත් පාසල් දරුවන් සඳහා මනෝ උපදේශන වැඩසටහන ක්‍රියාත්මක කිරීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධව ද විශේෂ  අවධානය යොමු කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka