gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මංගල දැන්වීමක් දැක මනාලියක් බලන්න ගිය තරුණයෙක් මනාලිය අකමැති වූ නිසා පොලිසියේ පැමිණිල්ලක් දායි

පුවත්පතක පළ වූ මංගල දැන්වීමකට අදාළව සහකාරිය බැලීමට ඇගේ නිවසට ගිය අවස්ථාවේ රැගෙන ආ කේක් සහ කෙසෙල් ගෙඩි ඇතුළු භාණ්ඩවලට වැය වූ මුදල යළි ලබාදෙන ලෙස ඉල්ලා පුද්ගලයෙකු පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

මෙලෙස මිනුවන්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් ගොනුකර ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

සහකාරිය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි තැනැත්තියක් වන අතර, ඇයගේ දෙමව්පියන් විසින් තම දියණියට සුදුසු සහකරුවෙකු සොයාගැනීම සඳහා පුවත්පතක මංගල දැන්වීමක් පළ කර තිබෙනවා.

එම මංගල දැන්වීම අදාළව පැමිණිලිකරු සිය ඥාතීන් පිරිසක් සමඟ සහකාරිය බැලීම සඳහා ඇයගේ නිවසට ගොස් ඇති බව සඳහන්.

ඉන් අනතුරුව ඔහු තවත් අවස්ථා හතරක දී සහකාරිය බැලීමට ඇයගේ නිවසට ගොස් ඇති අතර, එහිදී මොහු විසින් කේක්, කෙසෙල් ඇතුළු භාණ්ඩ රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ තැනැත්තිය මෙම පුද්ගලයාට මනාප නොමැති බව ඇයගේ මව්පියන් විසින් මොහුට පවසා තිබෙනවා.

එම ප්‍රකාශයත් සමඟ ඊට උරණ වූ මෙම පුද්ගලයා මිනුවන්ගොඩ පොලිසිය ගොස් පැමිණිල්ලක් කර ඇත්තේ සහකාරිය බැලීමට නිවසට ගිය අවස්ථාවල රැගෙන ගිය කේක්, කෙසෙල් අහ භාණ්ඩවලට වැය වූ මුදල් යළි ලබාදෙන ලෙස දන්වමිනුයි.

මෙම පැමිණිල්ලට අදාළව තරුණියගේ පාර්ශවය ද පොලිසියට කැඳවා කළ විමර්ශනයේදී පැමිණිලිකරුට ගිය වියදමට වැඩි වියදමක් ඔහුට සහ ඔහුගේ ඥාතීන්ට සැළකීමට වියදම් වූ බව තරුණිගේ පාර්ශවය පවසා තිබෙනවා.

ඒ, අනුව පැමිණිලිකරු ඉල්ලා සිටි මුදල ලබාදීමට සහකාරියගේ පාර්ශ්වය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

පසුව සිවිල් නඩුවක් පවරා තරුණියගේ පාර්ශ්වයෙන් කේක්, කෙසෙල් සහ භාණ්ඩවලට වැය වූ මුදල් අයකර ගන්නා බවට පැමිණිලිකරු පවසා ඇති බවයි වාර්තා වුණේ.

“බබා අහන්නකෝ වස්තුව... මට එක දෙයයි ඉල්ලන්නෙ, ආයේ මුකුත් එපා” - රටම දන්න ටියුෂන් ගුරාගේ පිළිකුල් සහගත පැටිකිරිය කියන කෙල්ලෙක්

ටියුෂන් ගැන එක එක විදිහේ කතාන්දර ගොඩක්
අපිට වරින් වර ඇහෙන්න ගන්න එක සාමාන්‍ය දෙයක්.
"සර් කෙනෙක් අන්න ටොයිලට් එකක
කැම් එකක් හයි කරලා.."
"සර් කෙනෙක් කෙල්ලෙක්ව රේප් කරලා‍,
ඒ මදිවට වීඩියෝ ලීක් කරලා.."
"ප්‍රින්සිපල් කෙනෙක් කෙල්ලෙක්ව
අතපත ගාන්න ගිහින් අහුවෙලා.."

මේ විදිහේ කතන්දර හැමදාම හැම වරුවකම
නිරන්තරයෙන් වගේ අහන්න දකින්න
ලැබෙනවා.

අපිට පේන සුදු පිරුවට ඇඳපු
ගොඩක් අයගේ ඇත්ත පැටිකිරිය ඒකයි.

මේ කතාවත් ඒ විදිහේ ඛේදජනක කතාවක්..

"සර් හරි හොඳයි ඒත් ඒ ලෝකෙට විතරයි.
මම හිතුව සර් නෙවෙයි ඒ.. හරිම පිළිකුලක් මට.
මේ කතාව කියන්න හිතුවේ ඒකයි. සර් ඉගැන්නුවේ මීඩියා..
ගොඩක් ළමයි පිස්සුවෙන් ආවෙ ගියේ.
මොකද සර් හැන්ඩියා. පස්සෙ ඔහොම ගිහින්
සර් මා එක්ක ෆිට් වුණා. එහෙම වුණේ මම නිතරම
ක්ලාස් ලේට් වෙන නිසා.."

"මාව නෝට් වෙලා සර් මට කතා කළා.
පරක්කු වෙන්න හේතු ඇහුවා. මගේ අම්මි තාත්ති
ඩිවෝස් කතාව මම සර්ට කිව්වා. එදා ඉඳන් සර්
මට නිතරම අනුකම්පා කළා. ෆ්‍රී කාඩ් දෙන්නම් කිව්වා.
ඔහොම ගිහින් සර් මට චැට් දාන්න ගත්තා.."

"ඒක මගෙත් නරක වයස. මට හෙන හැපි
සර් චැට් කරද්දි. මොකද ගොඩක් කෙල්ලන්ගේ
ක්‍රශ් එකනේ. එයා මට මැසේජ් දානව කියන්නෙ
කොච්චර දෙයක්ද ඉතින්.. හැබැයි මට තේරුණා සර්ගේ
අරමුණ වෙන එකක් කියලා. එයාට ඕනි වුණේ
මාව නෙකඩ් බලන්න.."

"බබා අහන්නකෝ වස්තුව... මට එක දෙයයි ඉල්ලන්නෙ,
ආයේ මුකුත් එපා.. රත්තරන් මට ඔයාව නිරුවතින්
බලන්න දෙන්න, කියලා සර් එකපාරම එයාගෙ නිරුවත්‍‍
ෆොටෝ එකක් එව්වා. ඒක දැකලා මට ශොක් එකපාරම..
මම එතනම ගල්ගැහුණා. දැන් මට යවන්නත් හිතයි...
ආයෙ බෑ කියලත් හිතෙනවා.."

"මට ඇත්තටම සර් ගැන විශ්වාසයක් දැණුනේ නෑ.
මම එයාට මැසේජ් වලින් කිස් දුන්නට, සෙක්ස් චැට් කළාට
මට බෑ හිතුණා එයාට ෆොටෝ යවන්න. පස්සෙ මම හිමින්
එයාව මඟ ඇරියා. සර් මට ඒ දේත් එක්ක වෙනස්කම්
කරන්න ගත්තා. දවසක් මූණටම තර්ජනය කළා,
මගේ චැට් ඩිලිට් කරනවා කියලා. හැබැයි මගේ ළඟත්
ආයුධයක් තිබුණා.."

"සර් එවපු නෙකඩ් ෆොටෝ එක.. මම කිව්වා
එයා දැම්මොත් මේවාත් එළියට එයි කියලා.."

"පස්සෙ තමා මම දැනගත්තෙ, මේක මට විතරක්
වෙලා තියෙන දෙයක් නෙවෙයි. ගොඩක් අයට
සර් මේ විදිහට මැසේජ් කරලා තියෙනවලූ..
මම ක්ලාස් යන එක නතර කළා පස්සෙ.."

"අදටත් ඒ සර්ව දෙවියෝ වගේ අදහන කෙල්ලෝ
ඉන්නවා. උන් දැක්කම ඉතින් මට පව් හිතෙනවා.."

අවුරුදු 15 සිසුවිය 17 හැවිරිදි සිසුවා නිවසට ගෙන්වාගෙන ලිංගිකව හැසිරිලා... සිසුවිය අන්තිමට සියදිවි හානි කරගන්න හදලා

වයස අවුරුදු 15 ක එම බාලවයස්කාර පාසල් දැරිය ස්ත්‍රී දූෂණයට ලක් කළ බව කියන 17 හැවිරිදි තරුණයකු පෙරේදා (6 දා) අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි පාසල් ගමන නිමා කර ඇති දහහත් හැවිරිදි තරුණයෙකි.

මෙම අතරවයට පත් දැරියගේ හොඳම මිතුරියක් ඇය හා පෙම්වතා සමග පැවති සම්බන්ධය, එම දැරියගේ මවට පවසා ඇත. පසුව එම මව විසින් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සිදු කළ විමර්ශනයකදී මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත

තඹුත්තේගම පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරිය, තම මව සහ පියා වෙළඳාම් කටයුතු සඳහා නිවසින් පිටත්ව ගිය අවස්ථාවලදී පෙම්වතා බව කියන මෙම සැකකරු තම නිවසට ගෙන්වා ගත් අවස්ථාවේදී මෙම අපරාධය සිදුව ඇතැයි පොලිසිය කියයි.

පසුව එම දැරිය සිදු වූ සියල්ල මිතුරියට පවසා ඇති අතර තම යෙහෙලිය මෙම වැරදි මාර්ගයෙන් මුදවා ගැනීම සඳහා ඇය ඒ බවැ මිතුරියගේ මවට පවසා ඇති බව පොලීසිය කියයි.

පසුව දැරිය මව සමග ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර දැනට රෝහල් ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද පොලීසිය සඳහන් කළේ ය.

අද

ආර්ථික අර්බුදය පිරිමින් ලිංගික කර්මාන්තයට ඇද දමයි!

ආර්ථික අර්බුදය හමුවේ පිරිමි ලිංගික ශ්‍රමිකයන්ගේ ඉහළ යාමක් දක්නට ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

පොදුවේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම පිරිස් වත්මන් ආර්ථික අර්බුදය හමුවේ පෙරට සාපේක්ෂව ඉහළ ප්‍රතිශතයකින් ජීවනෝපාය සදහා ලිංගික ශ්‍රම අලෙවිය සදහා පෙළඹී ඇති බව පුවත්පත පවසයි.

නමුත් විශේෂත්වය වන්නේ පිරිමි ලිංගික ශ්‍රමිකයන්ගේ ඉහළ යාමයි.

විශේෂයෙන්ම වයස අවුරුදු 20 ත් 40 ත් අතර පිරිමි මේ කර්මාන්තය සදහා යොමු වී ඇති බව පැවසේ.

ලිංගික ශ්‍රමිකයන් ඔවුන්ගේ සේවාදායකයන් සොයා ගනු ලබන්නේ අන්තර්ජාලය හරහා ය. ඒ සදහාම වෙන් වූ වෙබ් අඩවි ක්‍රියාත්මක වේ.

ලිංගික ශ්‍රමය සපයන වයස අවුරුදු විසි දෙකක තරුණයෙකු සම්බන්ධකරගෙන ඇති ඩේලි මිරර් පුවත්පත ඔහු සමග කරන ලද සාකච්ඡාවකදී හෙළිකරගෙන ඇත්තේ පැයකට පහළොස් දහසක් සහ සම්පූර්ණ රාත්‍රියක් සදහා රුපියල් පනස් දහසක මුදලක් ඔහු විසින් අය කරන බවයි.

නාගරික ඉහළ පන්තියේ ප්‍රජාව සහ විවාහක ජෝඩු තමන්ගේ සේවය ලබා ගන්නා බවද ඔහු පුවත්පත සමග පවසා තිබේ.

"සමහර ළඟින් හිටපු අය මගෙන් අයුතු ප්‍රයෝජන ගන්න බැලුවා"...සයිබර් අපරාධකරුට එරෙහි සටන ජයගත් ලාංකීය තරුණිය

සයිබර් අපරාධකරුවෙකුට එරෙහිව ධෛර්ය සම්පන්නව සටන් වැද ජයගත් ලාංකික තරුණියක් තම අත්දැකිම් විස්තර කරමින් බීබීසී සිංහල සේවය සමග කියා සිටියා ය.

එවක 27 හැවිරිදි හෙද නිලධාරිනියක වූ මධුවන්ති රත්නායක සිය ඡායාරූප විකෘති කරමින් අන්තර්ඡාලයට මුදාහැරි පුද්ගලයා නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබා දීමට සමත්වූ ආකාරය මෙවර කාන්තා දිනයේ දී අප හා විස්තර කළා ය.

"මේ සිද්ධිය ගැන මම මුලින්ම දැනගත්තේ මම රාජකාරි කරමින් ඉද්දි එතන හිටපු පහළ නිලයක කෙනෙක්ගෙන්. මම ඒක දැනගත්ත ගමන් සික් ලීව් දාලා ගෙදර ගියා, මොකද මම ඒක දරාගන්න පුළුවන් තැනක හිටියේ නැහැ," සයිබර් අපරාධකරුවා තම ඡායාරූප විකෘති කරමින්, නොමනා ලෙස සංස්කරණය කර අන්තර්ජාලයට මුදා හැරීමෙන් පසු මධුවන්ති මුහුණ පෑ පීඩාව ඇය විස්තර කළා ය.

"ඒ වෙනකොට කොවිඩ් වසංගතය උත්සන්න වුණු වෙලාව. මම වැඩ කළේ කොරෝනා වාට්ටුවක. රාජකාරි මට්ටමින් පවා විනය පරීක්ෂණ තියන්න සූදානම් වුණා. ගෙදර අය මම නිවැරදියි කියලා දැනගෙන හිටියා. ඒත් අම්මා මේක ගත්තෙ පුදුම වේදනාවකින්. මල්ලි මාත් එක්ක කතා නොකර හිටියා. යාලුවො මාව අත් හැරියා. සමහර ළඟින් හිටපු අය අයුතු ප්‍රයෝජන ගන්න බැලුවා. ඒත් මගෙ වටේ මට ශක්තියක් වෙන්න පිරිසක් ඉතිරි වුණා."

"ඒ හැමදෙයක්ම මම ශක්තිමත්ව දරා ගත්තේ කොහොමහරි මේකට යුක්තිය ඉෂ්ඨ කරගන්නවා කියලා හිතපු නිසා. ඒ මොනවා වුණේ නැති වුණත් මේක සියදිවි නසාගන්න තැනට යන්න ඕන නෑ කියන එක මම හැම වෙලාවකම විශ්වාස කළා. මොකද මේක කරපු කෙනාට ඕන වුණේ මාව විනාශ කරන්න. මම ඒක චැලේන්ජ් එකක් විදියට බාර ගත්තා," ඇය කියා සිටියා ය.

මෙවැනි සිදුවිම්වලට වර්තමානයේ බොහෝ කාන්තාවන් මුහුණ දෙන බව පෙන්වා දෙන මධුවන්ති, ඔවුන්ට ආදර්ශයක් හා ශක්තියක් වීමට යුක්තිය සොයා නීතියේ පිළිසරණ පැතීමට තීරණය කර තිබේ.

"ලංකාවේ ඔය වගේ දේවල්වලට තියෙන නීතිය එච්චර ශක්තිමත් එකක් නෙමෙයි. ඒ වගේ ඔය වගේ සිද්ධිවල දත්ත ගන්න වෙන්නේ ජාත්‍යන්තර වෙබ් සයිට්වලින්. දත්ත රැස් කරගන්න තියෙන අපහසුතා නිසා සහ ලංකාවේ නීතියේ ශක්තිමත් නැති නිසා මට ගොඩක් ගැටලුවලට මුහුණ දෙන්න වුණා."

සයිබර් අපරාධයෙන් පීඩාවට පත්ව සිටින ඇය නීතියේ අඩුලුහුඬුකම්වලට ද මුහුණ දෙමින් වසරක පමණ ගෙවුන නඩු විභාගයකින් තමන් පීඩාවට පත් කළ අපරාධකරුට දඬුවම් ලබා දී යුක්තිය ඉටු කරවා ගැනීමට සමත් වූවා ය.

ඇයගේ ඡායාරූප නොමනා ලෙස සංස්කරණය කළ සයිබර් අපරාධකරුට 2022 වසරේ දී නඩුවේ තීන්දුව ලබා දෙමින් වසර එක හමාරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය, සිදුවීමෙන් පීඩාවට පත්වූ මධුවන්ති රත්නායකට ලක්ෂ අටක වන්දි මුදලක් ගෙවීමට නියෝග කළේ ය.

අත්හැර දැමීම හෝ දරා ගැනීම වෙනුවට යුක්තිය සොයා ගොස් එම සටන ජයගත් මධුවන්ති අද වන විට සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතව සිටියි.

"නියුටිඩි කියන එක සහ බ්ලැක්මේලින් කියන එක සම්බන්ධයෙන් මුහුණ දෙන එකම රට අපි නෙමෙයි. නමුත් ලංකාවේ තියෙන සංස්කෘතිය එක්ක අපිට මේ වගේ දෙයක දී තියෙන සමාජයේ බලපෑම වැඩියි. නමුත් මම හිතන්නේ හැමදේටම විසඳුමක් තියෙනවා. එක්කෝ අපි ඒක විසඳ ගන්නවා, නැතිනම් අතඇරලා දානවා. අපි අපිව විශ්වාස කරගෙන ජිවිතේට මුහුණ දෙනවා කියන අධිෂ්ඨානය හැම ගෑණු ළමයෙක්ටම තියෙන්න ඕනේ."

මෙවැනි සිදුවීමකට මුහුණ දීමට සිදුවුවහොත් වෘත්තිය මට්ටමේ උපදෙස් ගත හැකි අයෙකුගෙන් උපකාර ලබා ගන්නා ලෙස ඉල්ලා සිටින මධුවන්ති, "මොකද එහෙම නැතිනම් වෙන වෙන බලපෑම් එන්න පුළුවන්. මටත් එහෙම වෙන්න ගිය වෙලාවල් තිබුණා. නමුත් ඒ දේවල් මඟ ඇරලා මම අවශ්‍ය තැනටම ගියා,"යි කියා සිටියා ය.

මෙවැනි සිදුවීමක දී කිසිවිටකත් සියදිවි නසා ගැනීමට හෝ තමන්ට හානි කර ගැනීමට උත්සාහ නොකරන ලෙස ඉල්ලා සිටින ඇය, ඇගේ අත්දැකිම් සහ ඇය එම සිදුවීමට මුහුණ දුන් ආකාරය ආදර්ශයට ගනිමින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියා ය.

තමන් අයත් ප්‍රදේශයේ පොලිසියට පැමිණිළි කිරීමට අකමැති අයෙකුට කාන්තා හා ළමා කාර්යංශයට මෙවැනි පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, අන්තර්ජාලය හරහා සිදුවන පීඩාවක දී කොළඹ අපරාධ විමර්ශන අංශයේ පරිගණක අපරාධ අංශයට පැමිණිලි කිරීම ද ඉතා වැදගත් බව යි ඇය සඳහන් කළාය.

අන්තර්ජාලය හරහා කාන්තාවන් පීඩාවට පත් කරන අපරාධකරුවන්ට එරෙහි නීතිය දැඩි විය යුතුයැ යි පෙන්වා දෙන මධුවන්ති, මෙවැනි අපරාධකරුවන්ට බරපතල දඬුවම් ලබා දීමෙන් නොනැවතී ඔවුන් පුනරුත්ථාපනය කරමින් නිසි මානසිකත්වයක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් සැකසිය යුතු බවද වැඩිදුරටත් කියා සිටියා ය.

"එයා එක්ක එකතු කරගන්න ලස්සන මතක..." හස්බන්ඩ් එක්ක Bike එකේ නැඟලා උදයන්ති කොහෙද මේ ගිහින් තියෙන්නේ?

පුංචි තිරයේ සුන්දර රුවැත්තියක් වූණු ඇය අද වැඩිපුර දකින්න නොලැබෙනවා වුණත්, කාලයක් ඇය නිරන්තරයෙන් රූප පෙට්ටියට ගොඩවුණු දවස් තිබුණා.

කොහොම වුණත් දැන් ඇය විවාහකයි. ඇගේ අත ගත්ත මනාලයා වෘත්තියෙන් නීතිඥවරයෙක්. ඇය දැන් පුංචි සිඟිත්තියකගේ මවක්. විවාහයෙන් පසුව නම් උදයන්ති ඒ තරම් අපට දැනගන්න ලැබුනේ නැහැ. කලා කටයුතුවලින් ඉවත් වුණත් ඇය සමාජ ජාලාවලින් නම් තවමත් ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන්.

උදයන්ති මෑතකදී ඇගෙ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇගේ සැමියා සමඟ ගත් ඡායාරූප කීපයක් පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප...

“නමක් දන්නෑ දිවුලපිටියෙ ඉන්නෙ? හොම්බ අලියෙකුගෙ වගේ...” - බුකිය කැළඹූ “කූඹී කන්නා”ගේ ඇත්තම කතාව මෙන්න

ලංකාවේ දිවුලපිටිය ප්‍රදේශයේ දී දක්නට ලැබුණු වීඩියෝවක් ලෙස සත්ත්වයෙකුගේ වීඩියෝවක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අතර මෙම සත්ත්වය "කුඹී කන්නා" ලෙස බොහෝ දෙනෙක් හඳුන්වා දී තිබුණා.

“නමක් දන්නෑ දිවුලපිටියෙමෙ වලිගය දඬු ලේනෙකුගෙ වගෙ හොම්බ අලියෙකුගෙ වගේ. පැටවුනුත් ඉන්නව පිටසක්වල ජීවියෙක්ද?” යනුවෙන් සඳහන් කරමින් මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළත්, වට්ස්ඇප් මාධ්‍ය තුළත් බොහෝ දෙනෙක් හුවමාරු කරන්නට පටන් ගත්තා.

තවත් තැනෙක, නිට්ටඹුවේදී මෙම සත්ත්වයා දැක ගැනීමට ලැබුණු බව කියමින් යූටියුබ් හි වීඩියෝ පළ කර තිබුණා.

කෙසේ වෙතත්, මෙම වීඩියෝව මැලේසියාවේ ද සංසරණය වී ඇති අතර, ඒ පිළිබඳව එරට Sarawak Forestry Corporation (SFC) විසින් පැහැදිලි කර තිබුණේ, මෙම වීඩියෝව එරට වීඩියෝවක් නොව වෙනත් රටක වීඩියෝවක් බවයි.

ඉන්දුනීසියාවේ ද සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී ඇති අතර ඉන්දුනීසියානු බලධාරීන් ද එය ඉන්දුනිසීයාවේ සිදුවීමක් නොවන බවට පවසා තිබුණා.

එමෙන්ම මෙම වීඩියෝ බ්‍රසීලයේ බව ට දක්වමින් ද, ටික්ටොක් ඔස්සේ වීඩියෝවක් පළ වී තිබුණා.

Myrmecophaga tridactyla කියන විද්‍යාත්මක නමින් හඳුන්වන යෝධ ඇන්ට් ඊටර් (Giant anteaters) වර්ගය, දකුණු ඇමරිකාවේ, දකුණු බෙලීස් සහ ග්වාතාමාලාවේ සිට උතුරු ආර්ජන්ටිනාවේ දැක ගන්නට ලැබෙන සත්ත්වයෙක් බවට අනාවරණය වුණා.

මෙම සත්ත්වය ලංකාවේ දැකගැනීමට ලැබෙන්නෙ නැහැ.

සම්පූර්ණ උපුටා ගැනීම
srilanka.factcrescendo.com

පාර්ලිමේන්තු විරෝධතාව අතරේ දයාසිරියි චාමර සම්පතුයි ගුටි කෙළියක (VIDEO)

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ විරෝධතාවක් කරන ලදී.

ඒ අවස්ථාවේ දයාසිරි ජයසේකර සහ චාමර සම්පත් අතර යම් උණුසුම් තත්වයක් ඇති වුණ.

ඒ අවස්ථාව පහතින් නරබන්න

"මහින්දව පළමුවරට අගමැති කලේ මගේ තාත්තා" - හිරුණිකා රැස්වීමක් අතරතුර අතීතය මතක් කරමින් සංවේදි වෙයි (VIDEO)

මහින්ද රාජපක්ෂව අගමැති කිරීමට මුල් වුයේ තම පියාණන් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

කඩුවෙල පැවති සමගි ජන බල වේගයේ රැස්වීමක් අතරතුරදී ඇය තම පියාගේ අතීතය මෙලෙස හෙළි කළා.

වේදිකාවට දුවගෙන ආපු දියණිය අනුරව පුදුම කරයි...අනුර දියණිය වැළදගනී (VIDEO)

ජාතික ජනබලවේගයේ පවති රැස්වීමක් අතරතුර කුඩා දැරියක් අනුර කුමාර දිසානායක මහතා අසලට පැමිණි 
වීඩියෝවක් මේ වන විට සමාජ මධ්‍යයේ සංසරණය වෙනවා.
 
එහිදී අනුර කුමාර විසින් දැරිය වැළදගත් අයුරු දක්නට ලැබුණා.
 
මේ එම විඩියෝවයි....

යුරෝපය ට්‍රක් රථ රියැදුරෙකු වීමට ශ්‍රී ලාංකිකයන් හයසියකට අවස්ථාව!

යුරෝපයේ රටවල්හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන ලිතුවේනියාවේ ප්‍රමුඛ සමාගමක් ට්‍රක් රථ රියදුරන් හය සියක් බඳවා ගැනීමට සූදානම් වෙයි .ඒ සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදෙන බව ලිතුවේනියාවේ Manvesta ප්‍රවාහන සේවයේ ජේෂ්ඨ අධ්‍යක්ෂ ධනා ජැනරිකෙඒට් මහත්මිය පවසයි.

ඇය ඇතුළු නියෝජිත පිරිසක් 2023.02.13 දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූහ.
මෙම කඩිනම් බඳවා ගැනීම සඳහා අගමැතිවරයාගේ මැදිහත්වීම අපේක්ෂා කරන බව ඇය සදහක් කළාය. 
 
තෝරාගත් රියදුරන් සඳහා කඩිනම් පුහුණු වැඩසටහන් අවශ්‍ය වේ. ඇබෑර්තු හයසියයක් පැවතියත් තෝරා ගැනීමට හැකිවි ඇත්තේ කුසලතා ඇති එක සිය නව දෙනෙකු පමණි. එක් රියැදුරෙකුට රුපියල් මිලියනක පමණ මාසික වැටුපක් හිමිවේ.
යුරෝපයේ ප්‍රමිති සමාගම් 500 වැඩි සංඛයාවකට සුඛෝපභෝගී මෝටර් රථ, ආහාර සහ අනෙකුත් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා කොන්ත්‍රාත්තු තම ආයතනය සතු බව ද ඇය පැවසුවාය. ඒ සඳහා මූලික ඉංග්‍රීසි දැනුම ඇති හොඳ රියැදුරන් අවශ්‍ය වේ.

මෙම පුහුණු කටයුතු සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරු පාසලේ සහ අනිකුත් පුහුණු මධ්‍යස්ථානවල රියදුරු පුහුණු පහසුකම් යොදා ගත හැකි බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙවැනි රියදුරු රැකියා සඳහා අයදුම්කරුවන් පිළිබඳ දත්ත බැංකුවක් ද ස්ථාපිත කිරීම පිළිබඳව කම්කරු ඇමතිවරයා සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරන බව ද අග්‍රාමාත්‍ය වරයා කීය.

දේශීය බඳවා ගැනීමේ නියෝජිත ආයතනයක් වන Fortuna කළමනාකාර අධ්‍යක්ෂ විමල් පෙරේරා මහතා පැවසුවේ අයදුම්කරුවන් තුන් සියයක් අතුරෙන් සියයකට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමට කොළඹ වරායේ ඇති ට්‍රක් රථ යොදා ගත් බවයි. මෙම රියදුරු පරීක්ෂණය සාර්ථක වීමට නම් වම් පසින් පදවන ට්‍රක් රථ අවශ්‍ය වේ. ඒ සදහා පහසුකම් ලබාදෙන්නැයි ඔහු රජයෙන් ඉල්ලීමක් කළේය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, Manvesta පුහුණු ප්‍රධානි (Aussie Isganaitis), ඔසී ඉග්නේෂස් Fortuna ආයතනයේ අධ්‍යක්ෂක (susie perera) සුසී පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්වූහ.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

දළදා මාලිගාවේ දවසක අදායම ලක්ෂ 20 - 25 අතර...ඒ සල්ලි මහින්දට දෙන්න මමයි මිටි බැන්දෙ...නිලංග දෑලගෙ හිටපු ලේකම්ගෙන් හෙළිදරව්වක් (VIDEO)

දළදා මාලිගාවේ කෝටි 50ක රත්තරං මහින්දයා වික්කා...මම මිටි බැන්දේ.. - නිලංග දෑලගෙ හිටපු ලේකම්ගෙන් හෙළිදරව්වක්

13ට එරෙහිව පාර්ලිමේන්තු පාරේ වාඩි වූ බලංගොඩ කස්සප හිමියන්ව පොලිසියෙන් බලෙන් උස්සගෙන ගිහින් ජිප් එකට දාගනී (VIDEO)

13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක ‌කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීන්දුවට එරෙහිව අද දින පාර්ලිමේන්තු වටරවුමේ පැවැති භික්ෂු විරෝධතාවයේදී බලංගොඩ කස්සප හිමියන් පාර්ලිමේන්තු පාරේ බිම අසුන් ගෙන විරෝධය පළ කරද්දී පොලිසිය පැමිණ උන්වහන්සේ ඔසවාගෙන ගොස් පොලිස් ජිප්රථයට නංවාගන්නා ආකාරයක් දැකගන්නට ලැබිණ.

වෘත්තිකයින්ගේ කොටුවේ විරෝධතාවය ඇරඹේ... මොහොතකින් පොලිසිය කඩාපනී (LIVE VIDEO)

වෘත්තිකයින්ගේ කොටුවේ විරෝධතාවය ඇරඹේ. මොහොතකින් පොලිසිය කඩාපනී

පොලිසියෙන් හාමුදුරුවරුන්ට ප්‍රහාරයක් - සිව්නමකට තුවාලයි (VIDEO)

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව භික්ෂූන් වහන්සේලා පිරිසක් හා සිවල් සංවිධාන අද පෙරවරුවේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවක් දැක්වීය.

රනිල් රජාසන කතාව කරද්දී හාමුදුරුවරු පාර්ලිමේන්තුව වටකරයි (VIDEO)

මේ වනවිට පාර්ලිමේන්තු වටරවුමේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka