gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මංගල දැන්වීමක් දැක මනාලියක් බලන්න ගිය තරුණයෙක් මනාලිය අකමැති වූ නිසා පොලිසියේ පැමිණිල්ලක් දායි

පුවත්පතක පළ වූ මංගල දැන්වීමකට අදාළව සහකාරිය බැලීමට ඇගේ නිවසට ගිය අවස්ථාවේ රැගෙන ආ කේක් සහ කෙසෙල් ගෙඩි ඇතුළු භාණ්ඩවලට වැය වූ මුදල යළි ලබාදෙන ලෙස ඉල්ලා පුද්ගලයෙකු පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

මෙලෙස මිනුවන්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් ගොනුකර ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

සහකාරිය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි තැනැත්තියක් වන අතර, ඇයගේ දෙමව්පියන් විසින් තම දියණියට සුදුසු සහකරුවෙකු සොයාගැනීම සඳහා පුවත්පතක මංගල දැන්වීමක් පළ කර තිබෙනවා.

එම මංගල දැන්වීම අදාළව පැමිණිලිකරු සිය ඥාතීන් පිරිසක් සමඟ සහකාරිය බැලීම සඳහා ඇයගේ නිවසට ගොස් ඇති බව සඳහන්.

ඉන් අනතුරුව ඔහු තවත් අවස්ථා හතරක දී සහකාරිය බැලීමට ඇයගේ නිවසට ගොස් ඇති අතර, එහිදී මොහු විසින් කේක්, කෙසෙල් ඇතුළු භාණ්ඩ රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ තැනැත්තිය මෙම පුද්ගලයාට මනාප නොමැති බව ඇයගේ මව්පියන් විසින් මොහුට පවසා තිබෙනවා.

එම ප්‍රකාශයත් සමඟ ඊට උරණ වූ මෙම පුද්ගලයා මිනුවන්ගොඩ පොලිසිය ගොස් පැමිණිල්ලක් කර ඇත්තේ සහකාරිය බැලීමට නිවසට ගිය අවස්ථාවල රැගෙන ගිය කේක්, කෙසෙල් අහ භාණ්ඩවලට වැය වූ මුදල් යළි ලබාදෙන ලෙස දන්වමිනුයි.

මෙම පැමිණිල්ලට අදාළව තරුණියගේ පාර්ශවය ද පොලිසියට කැඳවා කළ විමර්ශනයේදී පැමිණිලිකරුට ගිය වියදමට වැඩි වියදමක් ඔහුට සහ ඔහුගේ ඥාතීන්ට සැළකීමට වියදම් වූ බව තරුණිගේ පාර්ශවය පවසා තිබෙනවා.

ඒ, අනුව පැමිණිලිකරු ඉල්ලා සිටි මුදල ලබාදීමට සහකාරියගේ පාර්ශ්වය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

පසුව සිවිල් නඩුවක් පවරා තරුණියගේ පාර්ශ්වයෙන් කේක්, කෙසෙල් සහ භාණ්ඩවලට වැය වූ මුදල් අයකර ගන්නා බවට පැමිණිලිකරු පවසා ඇති බවයි වාර්තා වුණේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka