gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුටින් ඉන්දියාවට ඇවිත් යුක්‍රේනයට කළ අනතුරු ඇඟවීම

යුක්‍රේනයට අයත් ඩොන්බාස් බලහත්කාරයෙන් හෝ ලබාගන්නා බවත්, ඒ හේතුවෙන් යුක්‍රේනය හමුදා නැගෙනහිර ඩොන්බාස් කලාපයෙන් ඉවත්විය යුතු බවත් රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් යුක්‍රේනයට අනතුරු අඟවා තිබේ.

මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිතරව සිටින ජනපති පුටීන් එරට පැවති ප්‍රවෘත්ති සාකච්ඡාකට එක්වෙමින් මේ බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, යුක්‍රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමට අදාළ තමන්ට අවාසි සියලු සම්මුතීන් ප්‍රතික්ෂේප කරන බවය.

"අපි ඩොන්බාස් බලහත්කාරයෙන් ලබාගන්නවා. එසේ නොවීමට යුක්‍රේන හමුදා එම ප්‍රදේශවලින් ඉවත්විය යුතුයි" හෙතෙම පවසයි.

මේ වනවිට ඩොන්බාස්වලින් 85%ක් පමණ රුසියාව විසින් පාලනය කරන අතර, එහි නැගෙනහිර ප්‍රදේශයේ පමණක් යුක්‍රේනය හමුදා රැඳී සිටියි.

කෙසේ නමුත් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සිය භූමිය අත්හැරීම ප්‍රතික්ෂේප කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka