gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘ලෝකයේ HIV ආසාදිතයන් 40%කින් අඩු වෙද්දී ලංකාවේ 48%කින් වැඩි වෙලා’

2010 වසරට සාපේක්ෂව 2024දී ශ්‍රී ලංකාවේ එච්.අයි.වී. නව ආසාදිතයන් 48%කින් වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ ඊයේ (නොවැ. 26) පැවැසුවාය.

ලෝකයේ එම කාලය තුළ එච්.අයි.වී. නව ආසාදන 40%කින් අඩු වී තිබෙන බව ද ඇය කීවා ය.

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 20ත් 24ත් අතර තරුණ ප්‍රජාව තුළ 2010දී නව ආසාදිතයන් 09ක් සිටි නමුත් 2024 වන විට එම අගය 91ක් දක්වා වර්ධනය වී ඇතැයිද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා ය.

නව ආසාදිතයන් වැඩි පිරිසක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව ද ඇය කීවාය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මෙම අදහස් පළවිය.

ශ්‍රී ලංකාවේ එච්.අයි.වී. පිළිබඳ නොදැනුවත්භාවය ඉහළ අගයක පවතින බව කී විශේෂඥ වෛද්‍යවරිය මෙරට ඒඩ්ස් මර්දන වැඩපිළිවෙළේ ගමන් කළ යුතු දිශාවේ වෙනසක් සිදුකළ යුතු බව ප්‍රකාශ කළාය.

අභියෝග ජයගෙන එච්.අයි.වී. නිවාරණය නව මඟකට ගැනීම යන තේමාවෙන් මෙවර ලෝක ඒඩ්ස් දිනය සමරන බවද විශේෂඥ වෛද්‍යවරිය පැවැසුවා ය.

ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහන ලෝක ඒඩ්ස් දිනය සමරමින් දෙසැම්බර් 01 වන දා ගාලුමුවදොර පිටියේ උදෑසන 7.00ට පාගමනක් සංවිධානය කර ඇතැයි ද ඇය කීවාය.

2030 වන විට ශ්‍රී ලංකාවේ ඒඩ්ස් අවසන් කිරීමේ ඉලක්කයක් තිබෙන බව ත් එම ඉලක්කය සපුරා ගැනීමට නව ආසාදන සියයට 95කට වඩා අඩු කිරීම, ප්‍රතිකාර හා සේවාවන් සියයට 95කට වඩා ළඟා වීම, ආසාදිතයන් කොන්කිරීම හා වෙනස් කොට සැලකීම අවම කිරීම හා ඒඩ්ස් මරණ අඩු කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට තිබෙන බව ත් විශේෂඥ වෛද්‍යවරිය පැවසුවා ය.

මේ අතර, රුධිර පරීක්ෂණයකින් හෝ එච්.අයි.වී. ක්ෂණික රුධිර පරීක්ෂණයකින් එච්.අයි.වී. ආසාදිතයෙක් දැයි විනාඩි 20ක් තුළ පරීක්ෂා කළ හැකි බවත් රුධිර පරීක්ෂණයට අකැමැති අයකුට මුඛ මාර්ගය භාවිතයෙන් එච්.අයි.වී. ස්වයං පරීක්ෂණයක් සිදුකළ හැකි බව ත් ඇය සඳහන් කළා ය.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක 25ක ජාතික ලිංගාශ්‍රිත රෝග සායන 40ක් ක්‍රියාත්මක වන බව කී විශේෂඥ වෛද්‍යවරිය රජයේ රෝහල්වල එච්.අයි.වී. පර්යේෂණ පහසුකම් තිබෙන බව ත් ලිංගාශ්‍රිත රෝග සායනයකින් හෝ නොෆෝෂුවර් වෙබ් අඩවියට පිවිසීමෙන් එච්.අයි.වී. ස්වයං පරීක්ෂණ කට්ටල ලබාගත හැකි බව ත් ප්‍රකාශ කළා ය.

රෝග කාරක වයිරසය ශරීරයට ඇතුළු වී සති 3කට 5කට පසුව එච්.අයි.වී. තිබේදැයි රුධිරය භාවිත කරන පරීක්ෂණ කට්ටලයෙන් හඳුනාගත හැකි බව ත් ස්වයං පරීක්ෂණ කට්ටලයට මේ සඳහා මාස 3ක් ගත වන බව ත් ඇය කීවාය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka