gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වහාම ඉවත්වන්න – දිස්ත්‍රික්ක 7කට නායයෑම් රතු නිවේදන

රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගතවූ දින 10ක කාලය තුළ ආපදා මරණ 34ක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන් වී ඇති බවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙන බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව පසුගිය නොවැම්බර් මස 17 වන දින සිට අද (27) දක්වා දිස්ත්‍රික්ක 17කට ආපදාවට ලක්ව ඇති අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79ක් ආපදාවට ලක්ව ඇත.

එම ප්‍රදේශවල පවුල් 1,158කට අයත් පුද්ගලයින් 4,008ක් ආපදාවට ලක්ව ඇති අතර, තවමත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ අතර සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වනවිට තුවාල ලබා ඇති අතර, පවුල් 41කට අයත් පුද්ගලයින් 131ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 5ක තාවකාලිකව නවතා තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ, පවුල් 136කට අයත් පුද්ගලයින් 472 දෙනෙකු මේ වනවිට ඥාති නිවාසවල ආපදා හේතුවෙන් නතරවී සිටින බවය.

දිස්ත්‍රික්ක 7කට නායයෑම් රතු නිවේදන

දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් සඳහා ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.

අද (27) උදෑසන 9ට මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ.

ඒ අනුව නායයෑම් රතු නිවේදන බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශයන් සඳහා නිකුත් කර තිබේ.

මේ අතර දිස්ත්‍රික්ක 7ක් සඳහා නයයෑම් අනතුරු ඇඟවීම් අවදානම් නිවේදනද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇත.

එම ස්ථානයන් පහතින් දැක්වේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 3 - ඉවත්වන්න (රතු)

බදුල්ල දිස්ත්‍රික්කය:

- බදුල්ල
- ⁠හාලි ඇල
- ⁠කන්දකැටිය
- ⁠පස්සර
- ⁠මීගහකිවුල
- ⁠ඌව පරණගම
- ⁠වැලිමඩ

මහනුවර දිස්ත්‍රික්කය:

- උඩපලාත
- ⁠ගගවට කෝරළය
- උඩුදුම්බර
- ⁠දොළුව
- ⁠මිණිපෙ
- ⁠පාතහේවාහැට
- ⁠මැදදුම්බර
- ⁠දෙල්තොට
- ⁠අකුරණ
- ⁠ගඟ ඉහළ කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කය:

- මාවනැල්ල
- ⁠රඹුක්කන
- ⁠අරණායක

කුරුණෑගල දිස්ත්‍රික්කය:

- රිදීගම
- ⁠මාවතගම
- ⁠මල්ලවපිටිය

මාතලේ දිස්ත්‍රික්කය:

- නාඋල
- ⁠රත්තොට
- ⁠අඹන්ගග කෝරළය
- ⁠උකුවෙල
- ⁠විල්ගමුව
- ⁠යටවත්ත
- ⁠මාතලේ
- ⁠පල්ලෙපොල
- ⁠ලග්ගල පල්ලේගම

මොනරාගල දිස්ත්‍රික්කය:

- ⁠බිබිල
- ⁠මැදගම

නුවරඑළිය දිස්ත්‍රික්කය:

- වලපනේ
- ⁠හගුරන්කෙත
- ⁠නිල්දණ්ඩාහින්න
- ⁠මතුරට
- ⁠නුවර එළිය
- ⁠කොත්මලේ බටහිර
- ⁠කොත්මලේ නැගෙනහිර

අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න (ඇම්බර්)  

බදුල්ල දිස්ත්‍රික්කය:
- හල්දුම්මුල්ල
- ⁠ඇල්ල
- බණ්ඩාරවෙල
- ⁠හපුතලේ

මහනුවර දිස්ත්‍රික්කය:
- ⁠පාතදුම්බර
- ⁠යටිනුවර
- ⁠තුම්පනේ
- ⁠උඩුනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:
- ගලිගමුව
- ⁠වරකාපොල
- ⁠කෑගල්ල

කුරුණෑගල දිස්ත්‍රික්කය:
- පොල්ගහවෙල
- ⁠නාරම්මල
- ⁠අලව්ව

මොනරාගල දිස්ත්‍රික්කය:
- බඩල්කුඹුර
- ⁠වැල්ලවාය

නුවරඑළිය දිස්ත්‍රික්කය:
- ⁠අඹගමුව
- ⁠තලවකැලේ
- ⁠නෝර්වුඩ්

රත්නපුර දිස්ත්‍රික්කය:
- කොලොන්න
- ⁠ඇලපාත
- ⁠රත්නපුර
- ⁠අයගම
- ⁠බලන්ගොඩ
- ⁠කලවාන
- ⁠ඉඹුල්පෙ
- ⁠කහවත්ත
- ⁠නිවිතිගල
- ⁠ගොඩකවෙල
- ⁠ඇහැළියගොඩ
- ⁠කුරුවිට
- ⁠කල්තොට

අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ) 

බදුල්ල දිස්ත්‍රික්කය:
- ⁠ලුණුගල
- ⁠සොරණාතොට

හම්බන්තොට දිස්ත්‍රික්කය:
- ඔකේවෙල
- ⁠වලස්මුල්ල

මහනුවර දිස්ත්‍රික්කය:
- ⁠හාරිස්පත්තුව
- ⁠පූජාපිටිය
- ⁠පස්බාගෙ කෝරළය
- ⁠පන්විල
- ⁠හතරලියද්ද
- ⁠කුණ්ඩසාලේ

කෑගල්ල දිස්ත්‍රික්කය:
- ⁠රුවන්වැල්ල
- ⁠දැරණියගල
- ⁠යටියන්තොට
- ⁠බුලත්කොහුපිටිය
- ⁠⁠දෙහිඹ්විට

මාතර දිස්ත්‍රික්කය:
- පස්ගොඩ

රත්නපුර දිස්ත්‍රික්කය:
- ⁠ඇඹිලිපිටිය
- ⁠ඹ්පනායක
- ⁠වැලිගෙපොල
- ⁠කිරිඇල්ල
- ⁠පැල්මඩුල්ල
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka