gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දඩමස් සමග අත්අඩංගුවට ගත් ජය ශ්‍රී මහා බෝධියේ ප්‍රධාන කපුවා රක්ෂිත බන්ධනාගාරයට

ඊයේ (18) වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ජය ශ්‍රී මහා බෝධියේ ප්‍රධාන කපුවා ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අනුරාධපුර වනජීවී කලාපයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ විහාරකලංචිය, විහාරපාලුගම ප්‍රදේශයේ නිවසක් හා දේවාලයක් පරීක්ෂා කිරීමෙන් පසුවය.

එම නිවස හා දේවාලය ජය ශ්‍රී මහා බෝධියේ ප්‍රධාන දේවගැතිවරයාගේ පුද්ගලික නවස හා දේවාලය වන අතර වනජීවී නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී ගෝනමස් කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 800ක්, ගල් ඉබිමස් ග්‍රෑම් 600ක්, කබැල්ලෑ මස් කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 940ක්, මුවමස් ග්‍රෑම් 600ක්, ඉබි බිත්තර 14ක් සහ ජීවී ගල් ඉබ්බන් 06 දෙනකු සමඟ ඇත්දළ අත් පළඳනාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊයේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.






gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka