gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

Online Users

gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලන්කන් නියමුවරිය වැසිකිළි ගිය පසු කපිතාන් දොර අරින්න බෑ කියලා... ශ‍්‍රී ලන්කන් යානයක නියමුවන් දෙදෙනා ගුවනේදී ආරවුලක!

විශාල අනතුරකට අතවනමින් පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන්යානයක ගුවන් නියමුවරියක් සහ ගුවන් නියමුවෙකු අතර ඇතිවූ උණුසුම් තත්ත්වයක් පිළිබඳව මේ වනවිට තොරතුරු වාර්තා වනවා.

“ඔස්ට්‍රේලියාවේ සිඩ්නි සිට කොළඹ බලා පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක ගුවන් නියමුවා සහ සහායක ගුවන් නියමුවරිය අතර ඇතිවූ බව කියන ආරවුලක් නිසා මෙම බයානක තත්ත්වය උද්ගතව ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී රංග ශ්‍රී ලාල් සිය x ගිණුමේ සටහනක් ද තබා තිබෙනවා.

එහිදී ගුවන් නියමුවන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවත් තත්ත්වය පාලනය කිරීම සඳහා සෙසු කාර්යමණ්ඩලයට මහත් පරිශ්‍රමයක් දරීමටයි සිදුව ඇත්තේ.

යානය ගමන් කරමින් තිබියදී එහි සහායක නියමුවරිය වැසිකිලිය වෙත ගොස් ඇති අතර මෙම අවස්ථාවේදී පියාසර කරන ගුවන් නියමුවා සමඟ ගමන්කිරීම සඳහා මැදිරි කාර්ය මණ්ඩලයේ වෙනත් සාමාජිකයෙකු, සාමාන්‍යයෙන් නියමු කුටියට ඇතුළු විය යුතු බවටයි තොරතුරු වාර්තාවන්නේ.

මෙහිදී නියමුකුටියට වෙනත් සාමාජිකයෙකු ඇතුළුවීමට පෙර එහි දොර වැසී ඇති බවට සඳහන් වනවා.

එහෙත් ඒ වනවිට නියමු කුටියේ සිටි කපිතාන්වරයා දොර නැවත විවෘත කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමගයි මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබෙන්නේ,

එසේම දුරකථන මාර්ග ඔස්සේ නියමු කුටියට කතා කලද ඔහු නියමු කුටිය විවෘත කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ගුවන් යානය නිරුපද්‍රිතව කොළඹට පැමිණි පසු සහයක ගුවන් නියමුවරිය මේ සම්බන්දයෙන් පැමිණිලි කර ඇති අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ සම්බන්දයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් එවැනි පරීක්ෂණයක් සිදුවන බවද තහවුරු කළා.

එම පරීක්ෂණය සඳහා අදාළ ආයතන සහ බලධාරීන් වෙත උපරිම සහාය ලබාදෙන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka