සිදුවූයේ කුමක් වුවත් ඇය ගැන සිතා ගත යුතු හොඳම තීරණය ගන්න එක ඔහුගේ යුතුකමක්.. ඒත් ඔහු ඒ තීරණයට ප්‍රමාද වුණාද..?
පොලිසියට දැන් සැක මතුවී ඇත්තේ අන්න ඒ ගැනයි.. කොහොම වුණත් මේ අවාසනාවන්ත පුවත නිසා ඇයට මේ වෙනකොට දිවි අහිමිවෙලා..
හෝටල් කාමරයක දී සිය පෙම්වතා සමඟ ලිංගිකව එක්වීමෙන් පසු අධික රුධිර වහනයකින් 23 හැවිරිදි තරුණියක් මියගොස් තිබෙනවා..
මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය සැප්තැම්බර් 23 වනදා බවත් ඒ ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ, නවසාරි ප්‍රදේශයෙන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ..
මොවුන් දෙදෙනා ලිංගිකව එක්වෙමින් සිටියදී තරුණියගේ යෝනි මාර්ගයෙන් ලේ ගැලීමක් සිදුව තිබෙනවා.
එම අවස්ථාවේ දී පෙම්වතිය රෝහල් ගත කරනවා වෙනුවට ලේ ගැලීම නතර කරන්නේ කෙසේදැයි සොයමින් පෙම්වතා අන්තර්ජාලය පිරීක්සා ඇති බවයි හෙළිව ඇත්තේ..
එහිදී ලේ ගැලීම නැවැත්වීම සඳහා ඔහු රෙදි කැබැල්ලක් භාවිත කිරීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය ව්‍යාර්ථ වී පෙම්වතිය සිහසුන් වී තිබෙනවා..
බියට පත් වූ පෙම්වතා මිතුරියක හෝටලයට කැඳවාගෙන පෙම්වතියව පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ..
පසුව රෝගී තරුණිය රජයේ රෝහලක් වෙත මාරුකර යවා ඇති අතර, පෙම්වතා සිය පෙම්වතියගේ දෙමාපියන් දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ඔවුන්ට විස්තරය පවසා ඇති බවද සදහන්..
අනතුරුව ඔවුන් රෝහලට පැමිණෙන විටත් තරුණිය මිය ගොස් සිටි බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ..
පොලිසිය විසින් තරුණියගේ මෘත ශරීරය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට කටයුතු කර තිබෙනවා..
මේ අතර, 26 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ..