gossip lanka

බංකුවේ සිටි කුසල් කණ්ඩායමට කැඳවා නිශාන් මධුශ්ක බංකුවට යවයි… අද තරගයට වේග පන්දු යවන්නන් 04ක්!

දැනට 2-0 ලෙස තරගාවලිය පරාජය වූ ශ්‍රි ලංකා කණ්ඩායම හෙට සිය තරගාවලියේ අවසන් තරගය සඳහා මුහුණ දීමට නියමිතය. තරගය පවත්වන්නේ ඕවල් ක්‍රීඩාංගනයේ ය. ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30ට තරගය ආරම්භ වීමට නියමිතව තිබේ.

අද තරගයට එන්නේ මේ තරගය හෝ ජයග්‍රහණය කරගැනීමේ අපේක්ෂා සහිතවය. 

ශ්‍රී ලංකාව මීට පෙර එංගලන්තයේදී ටෙස්ට් තරග තුනකින් සමන්විත තරගමාලා හතරකට ක්‍රීඩා කර ඇති අතර කිසිවිටෙකත් පූර්ණ තරග තුනම පැරදී පූර්ණ පරාජයක් ලැබුවේ නැත. එය සුබවාදී ප්‍රවේශයකි. 

අද තරගය පැවැත්වෙන ඕවල් ක්‍රීඩාංගනයේ අප මින් පෙර තරග කළේ මීට වසර 26කට පෙරය. ඒ  1998 දී ය.  ඕවල් පිටියේ දී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ අනුපාතය සියයට සීයකි. වසර 26කට පෙර අවසන් සංචාරයේ දී සනත් ජයසූරිය මේ පිටියේ ලකුනු 213ක් ලැබුවේය. මුත්තයියා මුරලිදරන් ලකුණු 65කට කඩුළු 09ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක විශිෂ්ට ජයක් ලැබුවේය.

එහෙත් මුරලි පෙරළි කළ එදාට වඩා අද ඕවල් ක්‍රීඩාංගනය වෙසන්ය.   

සරත් සමයේ කාලගුණ තත්ත්වය ආරම්භ වී තිබේ. පසුගිය ප්‍රාන්ත ශූරතාවලියේ තරග 6කදී දඟ පන්දු යවන්නන් හමුවේ බිඳ වැටී ඇත්තේ කඩුලු 26ක් පමණි. වේග පන්දු යවන්නෝ කඩුළු 173ක් ලැබූහ. ඕවල් ක්‍රීඩාංගනය මෙම වාරයේ දඟ පන්දු යැවීමට සුදුසු ස්ථානයක් වූයේ නැත. තෙත් කාලගුණය සහ වැසි සඳහා පුරෝකථනය කිරීම, තරගයේ සිවුවන දිනය වන සඳුදා විශේෂයෙන් අඳුරු දිනයක් බවට වන තක්සේරුව අනුව වසර 26 කට පෙර ශ්‍රී ලංකාව ඕවල් පිටියේ තරග කළ අවස්ථාවේ දී මුරලි ආධිපත්‍යය දැරූ තණතීරුවට වඩා බොහෝ දුරස්ථ වූ ස්වරූපයක් පෙන්නුම් කරන්නේය. අප ප්‍රභාත් ජයසූරිය බංකුවේ තබා ඇත්තේ ඒ අනුවය.

එහෙත් එංගලන්ත කණ්ඩායම සිය විශේෂඥ දඟ පන්දු යවන්නා ෂොයිබ් බෂීර් සමග තරගයට පැමිණ ඇත්තේය. තණතීරුවේ ස්වරූපය අධ්‍යනයෙන් අනතුරුව අප ප්‍රභාත් ජයසූරිය වෙනුව විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට ගැනීමට කළමනාකාරිත්වය ක්‍රියා කර තිබෙන්නේය. ජයසූරියගේ පන්දු ඕවර ප්‍රමාණය ආවරණය කිරිමේ වගකීම කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා සහ මද වේග පන්දු යවන ඈන්ජලෝ මැතිව්ස් වෙත පැවරී තිබේ. මැතිව්ස් 2017න් පසු ටෙස්ට් තරගවල යවා ඇත්තේ පන්දු වාර අතලොස්සකි.

ශ්‍රී ලංකා කණ්ඩායම

කණ්ඩායමේ වෙනසක් සිදුකර ඇත. දිගින් දිගටම අසමත් වූ ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක වෙනුවට පසුගිය තගරගයේ බංකුවේ සිටි කුසල් මෙන්ඩිස්ව කැඳවා තිබේ. ඒ අනුව පැතුම් නිශ්ශංක සහ දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරුවන් ලෙසත් කුසල් මෙන්ඩිස් අංක 03 පිතිකරු ලෙසත් ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් සිවු දෙනෙකුගෙන් තරග වැදීමට නියමිතය. ඒ අනුව වමත් දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරිය වෙනුවට වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබේ. ඔහු සමග මිලාන් රත්නායක, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු වේග පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කරනු ඇත.

1. දිමුත් කරුණාරත්න, 2. පැතුම් නිශ්ශංක, 3. කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල්, 6. ධනංජය ද සිල්වා (නායක), 7. කමිඳු මෙන්ඩිස්, 8. මිලාන් රත්නායක, 9. විශ්ව ප්‍රනාන්දු, 10. ලහිරු කුමාර, 11. අසිත ප්‍රනාන්දු

එංගලන්ත කණ්ඩායම මෙසේය.

1. ඩෑන් ලෝරන්ස්, 2.බෙන් ඩකර්ට්, 3. ඕලේ පෝප් ( නායක)  4. ජෝ රූට්, 5. හැරී බෲක්, 6.ජමි ස්මිත් ( කඩුළු රකින ක්‍රීඩක), 7. ක්‍රිස් වෝර්කස්, 8.ගස් එට්කිනසන්, 09. ඔලි ස්ටොන්, 10.ෂොයිබ් බෂිර්, 11. ජොෂ් හුල් තරග වදින  කණ්ඩායමය.  
gossip lanka