gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාන්තාවකට හිසකේ අහිමි කළ මිනුවන්ගොඩ රූපලාවන්‍යාගාරයේ හිමිකාරිණියට සහ සේවිකාවන්ට වෙන්න යන දේ මෙන්න

 රූපලාවන්‍යාගාරවලට යන බොහෝ කාන්තාවන් භීතියට පත් කළ පුවතක් ගැන තමයි මේ කියන්න යන්නේ.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක හිසකෙස් සැකසීමට පැමිණි කාන්තාවකගේ කෙස් කළඹ ගැලවී යාමේ සිදුවීමකට අදාලව එම රූපලාවන්‍යාගාරයේ හිමිකාරිණිය සහ සේවිකාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එම රූපලාවන්‍යාගාරයේ භාවිත කරන ආලේපන වර්ග පිළිබඳ වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය පාරිභෝගික අධිකාරියට නියෝග කර ඇත්තේ.

උපන්දින සාදයක් සඳහා කොණ්ඩය සකසා ගැනීමට මිනුවන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක් එම නගරයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් වෙත පැමිණ තිබුණේ පසුගිය 30 වැනිදා පෙරවරුවේදීයි.

එම රෑපලාවන්‍යාගාරයේ හිමිකාරිණිය සහ සේවිකාවන් දෙදෙනා ඇයට යම්කිසි හිසකෙස් අලංකරණ ද්‍රව්‍යක් යොදා කොණ්ඩය සැකසීම ආරම්භ කර ඇති අතර අනතුරුව එහි හිමිකාරිය එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

කොණ්ඩය සැකසීම අතරතුර අදාල කාන්තාව තමාට යම් අපහසුවක් ඇති බවට සේවිකාවන් දෙදෙනාට දන්වා ඇතත් ඒ් පිළිබඳව සේවිකාවන් දෙදෙනා තැකීමක් නොකර කොණ්ඩය සැකසීමේ කටයුතු සිදු කළ බවයි එම කාන්තාව පවසන්නේ.

එම කාන්තාවගේ හිසකෙස් ද ගැලවී ගොස් ඇති අතර එම අවස්ථාවේදී සේවිකාවන් දෙදෙනා එම ස්ථානයෙන් පළාගොස් තිබුණා.

පසුව කාන්තාව මිනුවන්ගොඩ මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර අනතුරුව ඇය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර තිබුණා.

මේ වන විට එම රෑපලාවන්‍යාගාරයේ හිමිකාරිණිය සහ සේවිකාවන් දෙදෙනා ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය විසින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, අදාළ රෑපලාවාන්‍යාගාරයේ හිමිකාරිණිය සහ සේවිකාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියොග කර තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka