gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අතුරුගිරිය වෙඩි උණ්ඩවල KPI අකුරු ලියූ සැකකරු අසුවෙයි!

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් සිවු දෙනකුට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

වෙඩි තැබීම සඳහා යොදා ගත් උණ්ඩවල කේපීඅයි (කංජි පානි ඉම්රාන් යන්න කෙටි කර) ලෙස සටහන් කිරීම සහ මෝටර් රථයකින් සැකකරුවන් ප්‍රවාහනය කර ඇත්තේ මෙම සැකකරු බවට හෙළිවී ඇත.

අත් අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම දර්ගා නගරයේ පදිංචිකරුවකු වන වෙළෙඳ සලක අත් උදවු කරුවකු ලෙස කටයුතු කළ 24 හැවිරිදි අයෙකි. බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයට අනුයුක්ත අංක 11 කණ්ඩායමේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනුක වීරසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායම මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48 කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් ඩී. ජී. පී. කරුණාරත්න මහතා අවසර ලබාදී තිබෙයි.

අදාළ වෙඩිතැබීම සඳහා යොදාගත් උණ්ඩවල KPI සටහන් කිරීම සහ මෝටර් රථයකින් සැකකරුවන් රැඳී සිටි අතුරුගිරිය ගල්පොත්ත පාර ප්‍රදේශයට ගොස් එම සැකකරුවන් ප්‍රවාහනය කර ඇත්තේ මෙම පුද්ගලයා බවට සැකකෙරෙන බව පොලීසිය අධිකරණය හමුවේ කරුණු අනාවරණය කර තිබෙයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 17 වන සැකකරු ලෙස මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරියක ඇතුළු සැකකරුවන් 12 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටිති.

තවත් සිව් දෙනෙකු මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝග මත පොලීසිය භාරයේ පසුවෙති.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka