gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මගේ බිරිඳ තුන්වේලම කෑම හදන් මාව බලන්න ආවා…අමාරු බෙහෙත් පවා එයා මහන්සි වෙලා හොයාගෙන තිබුණා” – චාමර

එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ හදවතේ ගායකයා යන නමින් ප්‍රසිද්ධ වෙච්චි ආදරණීය චරිතයක් හිටියා.ඔහු අදටත් බහුතරයක් දෙනාගේ හදවතේ ගායකයා ඒ වෙන කවුරුත් නෙමෙයි චාමර වීරසිංහ.චාමර ප්‍රසංගයකට එනවනම් ඒ ප්‍රසංගය අතුරු සිදුරු නැතුව පිරෙනවා කියන්න ඕනෙම කෙනෙක් දන්නවා.ඒ තරම් පිරිසක් ඔහුට ආදරෙයි.

පසුගිය කාලක චාමර වීරසිංහ හදිසියේම අසනීප වුණා.එක දිගට නිදිමරමින් ගීත ගායනා කරපු නිසා. ඔහුට උගුරේ ආබාධ තත්ත්වයක් තමයි ඇති වුණේ.මේ හේතුව නිසා ඔහුට සිදුවුණා නේවාසිකව මාස හයක් වැනි කාලයක් කිසිම වැඩක් කරන්නේ නැතුව ප්‍රතිකාර ලබන්න.ඉතින් ඒ කාල සීමාවේදී චාමරට ආදරය ප්‍රේක්ෂකයන් බොහෝ දෙනා ලංකාවේ හැම තැනම ප්‍රසිද්ධ ආගමික ස්ථානවලට ගිහින් ඔහුගේ සුවය තකා විවිධ පුද පූජා පැවැත්තුවා.

ඒ වගේම සමහරුන් සිරීපාද වන්දනා කරන සමයේදී පවා චාමර වීරසිංහගේ කටවුඩ් ගහලා ඔහුට උතුම් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා තිබුණා.මේ තරම් ආදරයක් ලබන චාමර නැවත වතාවක් සුව වෙලා ප්‍රසංග වේදිකාවත් එක්ක සම්බන්ධ වෙන්න තවත් පිටිපස්සේ ඉඳන්ම ලොකු හයියක් උනේ ඔහුගේ ආදරණීය බිරිඳ.ඉතින් ඔහු ඇය ගැන හරිම ආදරණීය විදිහට කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ඇය මගේ ආදරණීය බිරිය ප්‍රසංගි වීරසිංහ. ඇත්තටම මාත් නැතුව ඒ කාලය ඇයට ගොඩක් දුෂ්කර වෙන්න ඇති. තුන් වේලටම කෑම හදාගෙන හැමදාම මාව බලන්න ආවා. සමහර බෙහෙත් හොයාගන්න ඇය ගොඩක් වෙහෙසිලා තිබුණා. ඒ වගේ වෙහෙස මහන්සිවෙලා මාව බලාගත්ත එක සතුටක්. ඇය මගෙ ජීවිතේට ලැබීම මගේ වාසනාවක්.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka