gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිවසින් පිටව යන බවට සැක සිතී සැමියා විසින් පෙට්‍රල් දමා ගිනිතබා මැරූ සිව්දරු මවගේ අනියම් කතාව

පවුල් ආරවුලක් මත ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යෑමෙන් සැමියා විසින් බිරිඳට පෙට්‍රල් දමා ගිනි තැබීමෙන් පසු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 36 ක සිව්දරු මවක් මියගොස් ඇති බව වෙන්නපුව පොලිසිය පවසයි.

සිද්ධියට සම්භන්ධ ඇයගේ සැමියාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ මියගොස් ඇත්තේ බෝලවත්ත සින්දාත්‍රිය ප්‍රදේශයේ පදිංචිව සිටි තංගවේල් සුසිලා නමැති 37 හැවරිදි සිව්දරු මවකි.

සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි දේවසගායම් ප්‍රැන්සිස් නැමති වයස අවුරුදු 43 ක් වූ ඇයගේ සැමියාය.

පවුලේ තිබෙන අගහිඟකම් හේතුවෙන් මීට වසර කිහිපයකට පෙර මියගිය කාන්තාව මැද පෙරදිග රැකියාවකට ගොස් තිබේ. ඒ අතරතුර කිහිප අවස්ථාවක් ලංකාවට පැමිණ නැවත අවසන් වරට මාස තුනකට පමණ පෙර ලංකාවට පැමිණ තිබේ. මේ අතරතුර කාලයක් තිස්සේ ඇය විසින් පැවත්වාගෙන යන අනියම් සම්බන්ධතාවයක් හේතුකොටගෙන නිරන්තරයෙන් සැමියා සහ බිරිඳ අතර අඬදබර හටගෙන ඇති අතර නැවත රට නොයන ලෙසත් සම්බන්ධය නවතාලීමට කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියද ඇය එම ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කොට තිබේ. මේ හේතුවෙන් සැමියා දැඩි කනස්සල්ලෙන් සිටි අතර ඉකුත් 11 වෙනි දින අවුරුදු 14 ක් වූ ඔවුන්ගේ පවුලේ එකම පිරිමි දරුවාගේ උපන්දිනය සමරා තිබේ. මෙදිනද සැමියා විසින් නිතර නිතර සිදුකරන ඉල්ලීම් ගැන නැවත සිහිපත් කළද ඉන් පළක් නොවීමෙන් ඔහු ඇය කෙරෙහි දැඩි කේන්තියෙන් සිටින අවස්ථවේ ඉකුත් 14 වෙනි දින උදෑසන ඇය ඇඳුම් පැළඳුම් බෑගයකට දැමීමට කටයුතු කරනවා දැක ඇය නිවසින් පිටව යන බවට සැමියාට සැක සිතී තණකොළ කැපීමේ යන්ත්‍රයට යොදා ගැනීමට රැගෙන ආ පෙට්‍රල් බෝතලය ගෙන ඇයගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබීමට කටයුතු කර තිබේ.

පසුව ඇය වේදනාවෙන් ගින්න නිවාගැනීම සඳහා නිවස ඉදිරිපිට තණකොළ සහිත ස්ථානයකට පැමිණ එහි වැතිරී ගින්න නිවා ගැනීමට උත්සාහ කරන අවස්ථාවේ සිද්ධිය දැක ඇයගේ පුතා පැමිණ ගින්න නිවීමට උත්සාහ කර ඇත. එම අවස්ථාවේ අසල සිටි පුද්ගලයෙක් පැමිණ ඔහුගේ සහය ඇයව කඩිනමින් මීගමුව රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබේ. ගින්නෙන් ඇයගේ සිරුරට බරපතල ලෙස හානි සිදු වී තිබූ අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඇය 17 වෙනි දින උදෑසන මිය ගොස් තිබේ.

සිද්ධිය වූ දින සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැරීමට නියෝග කර ඇති අතර මරණය සිදුවූ දින යළිත් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත අමරතුංග මහතාගේ උපදෙස් මත වෙන්නප්පුව වැඩ බලන සහකාර පොලිස් අධිකාරි එස්. ඩී. ආර්. ප්‍රියන්ත මහතාගේ අධීක්ෂණය යටතේ වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ මග පෙන්වීම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සිරිවර්ධන, සැරයන්වරුන් වන (27583) බණ්ඩාර, (54923) සාන්ත, පොලිස් කොස්තාපල්වරුන්වන (88553) ඉඳුනිල්, (85186) පුෂ්පකුමාර, කාන්තා පොලිස් කොස්තාපල් (12908) යසිනි යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කළහ.

අමරනන්ද විජේසේකර – මහවැව
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka