gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෙදරටත් බොරු කියලා කොළඹ ආවට වෙලා තියෙන්නේ හිතන්නේවත් නැති දෙයක්.. පෙම්වතුන් හමුවීමට පැමිණි සොහොයුරියන්, නොදන්නා නිවසක රාත්‍රී නවාතැන් අරගෙන සිදුවූ දේ ගැන ඇසෙන ඇඟ කිලිපොළා යන කතාව මෙන්න

සමහරවිට මේ කියන්න යන දේ ඔබටත් එකවරම හිතාගන්න බැරි වේවි..

තරුණ දරුවන් දෙදෙනෙක් මේ වගේ තීරණයක් ගත්තේ ඇත්තටම ඔවුන්ගේ  ආරක්ෂාව ගැනවත් නොසිතාද..?

මේ දරුවන්ට මව්පිය රැකවරණයක් තිබුණේ නැද්ද...? කිව්වාම අදහාගන්නත් බැරි සමහර කාරණා ඇතුළේ දෝලනය වන මෙහි අවසානයේ කුමක් සිදුවේවිද..? මේ කියන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ කතාවක්.. මේ කතාව අපට ඇසෙන්නේ ඇඹිලිපිටියෙන්..

ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට සිය පෙම්වතුන් හමුවීම සඳහා දෙමාපියන්ට හොරෙන් කොළඹ පැමිණි බව කියන අවුරුදු 20 ක් සහ 15ක් වයසැති සොහොයුරියන් දෙදෙනකු ත්‍රී රෝද රථ රියදුරෙකු අකුරණ ප්‍රදේශයට රැගෙන විත් ඔහුගේ මිතුරකුගේ නිවසේ නතර කර සිටියදී මිතුරා විසින් එම දැරියන් දෙදෙනා බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා..

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම සොහොරියන් දෙදෙනා පසුගියදා මව්පියන්ට හොරෙන් කොළඹ පැමිණ ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි බව කියන සිය පෙම්වතුන් හමුවීම සඳහායි..

කෙසේ වෙතත් කොළඹ දී ඔවුන් හමු නොවීම නිසා සවස් කාලයේදී ත්‍රී රෝද රථ රියදුරෙකුට කතා කර ගාලුමුවදොරට එක්කන් යන ලෙස ඉල්ලා තිබෙනවා..

මෙලෙස ගිය ත්‍රී රෝද රථ රියදුරු ගාලුමුවදොරදී මෙම දැරියන්ට කතා කර තනිවම මෙම ස්ථානයේ රැඳී සිටිය නොහැකි නිසා අකුරණ ප්‍රදේශයේ පදිංචි තම මිතුරකුගේ නිවසට ඇරලවන්නදැයි අසා ඇති බවයි සඳහන් වෙන්නේ..

කොළඹ සිට අකුරණ ප්‍රදේශයට ඇති දුර ගැන දැනීමක් නැති මෙම දැරියන් එයට කැමති වී තිබෙනවා..

මෙම තරුණියන් දෙදෙනාව ඔහු කොළඹ සිට කිලෝ මීටර් 130ක් පමණ දුර ගෙවා අකුරණ පංගොල්ලාමඩ ප්‍රදේශයේ කුලී නිවසක පදිංචි ඔහුගේ මිතුරාගේ නිවසට කැඳවා ගෙන විත් සිය දියණියන් බව පවසා එම නිවසේ නවතා ඇති බවයි වාර්තා වෙන්නේ..

ඔහු නිවසැයින්ට පවසා ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පවතින නඩුවක් සඳහා පැමිණි බවත් නඩුව අවසන් වී දියණියන් එක්කන් යන බවයි..

මෙම නිවසේ ත්‍රී රෝද රථ රියදුරුගේ මිතුරා, ඔහුගේ බිරිඳ පුතා සහ ඔහුගේ බිරිඳ යන සිව් දෙනා සිට ඇති බවයි වාර්තා වෙන්නේ..

කෙසේ නමුත් පසු දින මෙම තරුණියන් දෙදෙනා රැගෙන යන බව පවසා තිබුණ බැවින් මිතුරාගේ බිරිඳ, පුතා සහ ඔහුගේ බිරිඳ මවට අසනීප නිසා මව බැලීම සඳහා ගොස් ඇති අතර එදින මෙම තරුණියන් දෙදෙනා සහ මිතුරා තනිවම නිවසේ රැඳී සිට තිබෙනවා..

රාත්‍රි කාලයේ තරුණියන් දෙදෙනා නිඳා සිටි කාමරයට පැමිණ ඇති මිතුරා ඔවුන් දෙදෙනාට බරපතල ලිංගික අතවර කර ඇති බව පැමිණිල්ලේ සදහන් වෙනවා..

15 හැවිරිදි තරුණිය කෑ ගසා ගෙන එළියට පැමිණි බවත් අනෙක් තරුණියට ඔහු බරපතල ලිංගික අතවර කර ඇති බවත් පැමිණිල්ලේ සදහන් වෙනවා..

පසුදින අළුයම තරුණියන් දෙදෙනා බස් රථයක නංවා යවා ඇති නමුත් ඒ අතරතුර ඔවුන් දෙමාපියන්ට කතා කර සිද්ධිය ප්‍රකාශ කර තිබෙනවා..

ඒ අනුව දෙමාපියන් මැදිහත් වී දියණියන් දෙදෙනා පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය විමර්ශනයක් සිදුකර සැකකරු ඊයේ 19 වනදා අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ..

කෙසේ නමුත් ත්‍රී රෝද රථ රියදුරු ආගිය අතක් නොමැති වී ඇති බැවින් ඔහු සෙවීම සඳහාද විමර්ශනයක් ක්‍රියාත්මකයි..

ත්‍රී රෝද රථ රියදුරු සැකකරු සමඟ මිතුරු වී ඇත්තේ මත් ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටයදී වන බව හෙළි වී ඇති බැවින් මෙම දැරියන් දෙදෙනා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගත්තා ද යන සැකයක් පවතින බවත් ඒ ඔස්සේද පරීක්ෂණ සිදු කරන බවත් පොලිසිය පවසනවා..

මෙම තරුණියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබෙන අතර අලවතුගොඩ පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka