gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාලයක් තිස්සේ දෙන්නාගේම ගමන් බිමන් එකට, ඒත් බිරිඳට සැක හිතිලා නැහැ... වග විභාගයක් නැතුව පෙම්වතිය සමඟ දොඩමළු වුණු මිතුරාගේ පැටිකිරිය රූපවාහිනී තිරයෙන් එළියට..

ඔහු ගතකළේ කෙළිලොල් ජීවිතයක්.. ඒත් ඒ ඔහු ගතකළ ජීවිතය නිසා කිසිවෙකුට හානියක් වුණා කියලා නම් කියන්න බැහැ.. 

රැකියා දෙකක නිරතවුණු ඔහු සිය සේවා ස්ථානයේ මෙන්ම කා අතරත් ඔහු අතිශයින් ජනප්‍රිය මෙම පුද්ගලයා රාජකාරිය මෙන්ම ව්‍යාපාර කටයුතු හොඳින් සිදුකරන පුද්ගලයකු ලෙසින් ජනතාව අතර ප්‍රසාදයක් ලැබී තිබූ ප්‍රියමනාප පුද්ගලයකු වුණා..

මොහු විශේෂයෙන් සිය කාර්යාලයේ නිලධාරිනියන් අතර විශේෂ ප්‍රසිද්ධියක් උසුලන චරිතයක්..
සිය ව්‍යාපාරික ස්ථානයේ සේවය කරන තරුණ කාන්තාවක මොහු සමග හිතවත් වී තිබුණු අතර, ව්‍යාපාරික ස්ථානය වසන වේලාව දක්වා රැඳී සිටින කාන්තාව සමග මුහුණු පොත ඔස්සේද ඔහු ගනුදෙනු සිදුකළා..

ව්‍යාපාරික කටයුතු පිළිබඳව නිතර නිතර සාකච්ඡා කිරීම නිසා ඔවුහු තවත් සමීප වුනේ ඒ දෙන්නාටත් නොදැනීමයි.. දෙදෙනා අනියම් පෙම්වතුන්වීමට වැඩි කාලයක් ගත නොවූ අතර දෙදෙනා ව්‍යාපාරික ස්ථානයේදී සහ වෙනත් ස්ථානවලදී බොහෝ අවස්ථාවල හමුවී තිබුණා..

කාන්තාවගේ සැමියා අගනුවර ප්‍රදේශයේ රැකියාවක් සිදුකරන අතර ඔහු බිරියගේ කාර්යයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකළ අතර කාන්තාව අතිකාල වැඩ කිරීමට සිදුවන බව සැමියාට පවසා ඇයද ඇතැම් දිනවල ව්‍යාපාරික ස්ථානයේ වැඩිපුර කාලයක් රැදී සිටියා..

සාකච්ඡා කරගත් පරිදි පසුගිය දිනක ක්‍රීඩාංගණයක පැවැත්වෙන රැස්වීමක් නැරඹීමට නිවෙස්වලට නොදන්වා දෙදෙනාම ගොස් තිබුණත්,බාහිර ලෝකය පිළිබඳව සැලකිල්ලක් නොදක්වා දෙදෙනාම ඉදිරිපස පනවා තිබූ අසුන් දෙකකට බර වී විවිධ දේ පිළිබඳව දොඩමළු වෙමින් රැස්වීම නැරඹූවේ කීසිම වග විභාගයකින් තොරවයි.. ව්‍යාපාරික ස්ථානයේ සේවකයන් සහ කාර්යාල මිතුරන් රූපවාහිනි ප්‍රවෘත්ති විකාශය නරඹමින් සිටි අතර හිටි හැටියේම මෙම යුවළගේ සමීප දසුනක් රූපවාහිනි තිරයේ දිස්වෙලා..

සියලු‍ම දෙනා පැහැදිලිව දෙදෙනා හඳුනාගත් අතර ව්‍යාපාරිකයාගේ කාර්යාල මිතුරන් එම දසුන දැක ඔහුට ඇමැතුම් ලබාගත්තද දුරකතන ක්‍රියාවිරහිත කර තිබූණා..

කිසිවක් නොදත් ඔහු පසුදා කාර්යාලයට ගියවිට මිතුරන් විසින් රූපවාහිනි දසුන් පෙන්වමින් ඊයේ රැස්වීමට ගියා නේද..? යනුවෙන් සවස ප්‍රශ්න කිරීම නිසා ඔහුට උන්හිටි තැන් අමතක වි සුළු වේලාවක් කාර්යාලයේ රැඳී සිටි ඔහු නිවාඩුවක් ලබාගෙන පිටව ගිය අතර බිරිඳ හා දරු දෙදෙනා සමග බිරිඳගේ මහගෙදර ගොස් කාලය ගත කරන්නටයි..
'
ව්‍යාපාරික ස්ථානයේ සෙසු සේවකයන් අතර සහ කාර්යාලයේ මිතුරන් අතර කතාව පැතිර යාමට වැඩි කාලයක් නොවූ අතර යෙහෙළියන් පිරිසක් විසින් බිරිඳගේ දුරකතනයට විඩියෝ දර්ශනය එවීමත් සමග ඇය යුද ප්‍රකාශ කළා.. එම කාන්තාව සැමියාට ව්‍යාපාරික ස්ථානය තහනම් ප්‍රදේශයක් කළ අතර වෙනත් කටයුතු සහ රාත්‍රී ගමන් බිමන් තහනම් කර දැමිමටත් ඇය වග බලාගත්තා.. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka