gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනියම් පෙම් සුව විඳින්න ගිය එයාගේ ප‍ර්ස් එකටත් තට්ටු වෙලා.. අවසානයේ ඇප නූලකුත් දාලාලු බේරුණේ.. හදාගත් පැළටත් හොරෙන්ම අනියම් පෙම් සුව විඳින්න ගිය ඔහුට වුණ දේ මෙන්න

මේ කියන්න යන්නේ අනියම් පෙම් සුව විදින්න ගිය පුද්ගලයෙක් ගැන ඇසෙන කතාවක්.. 

ඔහු කවදාවත් නැති තරම් එදා සූදානම් වුණේ කාලයක් තිස්සේ දැකගන්න බලාගෙන හිටපු ඇය එක්ක ගෙවන සුන්දර කාලය වෙනුවෙන්.. ඒත් අවසානයේ සිදුවුණේ වෙනස්ම දෙයක්...
ඔහු විවාහකයෙක්... ඔහු හා බිරිය මෙන්ම දරුවෝද ප්‍රදේශයේ පිළිගත් පිරිසක් වූ අතර ඔවුන් සියලුදෙනාම රාජ්‍ය සේවයේ නියැලුණා..
අනියම් කතද විවාහක ගෘහනියකි. දරුවෝ අධ්‍යාපනය ලබන වයසේ පසුවෙති. සැමියා කුලී වැඩ කරමින් දුක සේ ජීවත්වෙන අයෙක් වුණා..

ඔහු හා ඇය ප්‍රදේශ දෙකක පදිංචිව සිටියත්, ඔහු සේවය කරන්නේ ඇතුගල්පුර අවටයි... රාජකාරිය සඳහා යන එන අතරවාරයේ දී ඔහුගේ සිත ඇදී ගියේ හැඩකාර ලස්සන කතක දෙසටයි...

නිතර යන එන ගමනේ කෙසේ හෝ ඇයගේ ජංගම දුරකථන අංකය ඉල්ලා ගැනීමට ඔහු සමත් වුණා..කලක් තිස්සේ නිවෙස්වලට හොරා දුරකථනයෙන් කතා කළ නමුත් සමීපව හමුවීමට නොහැකි වුණත්,ඔහුගේ ඇරයුමට අවනත වූ ඇය දිනක් නිවැසියන්ට බොරු කියා කුරුණෑගල නගරයට පැමිණියා..

ඇය එන තුරා මග බලා සිටි ඔහු වහ වහා කුලී රථයක් ගෙන ඇය කැටුව හෝටලයකට ගියේ, ඇය සමඟ එහි කතා කිරීමටයි.. එලෙස කතාබහ කරමින් ආ ගිය තොරතුරු විමසන අතරේ ඇයගේ ගෙල බැදි පාට පාට නූලක් ඔහුගේ නෙත ගැටුණා...

“අනේ කාන්තාවක මාල පලදින්න ඕනෑ සමාජයක ඇයි ඔයාලා මේ තවමත් ගතානුගතික ක්‍රමවලට ඇබ්බැහි වන්නේ” යැයි කියා ඔහු එම නූල කඩා දැම්මා..

එය සිදුකර ගත වූවේ නිමේෂයක් පමණයි.. හොඳට කතා කළ ඇය වෙනස් වුණා... ඇස් ලොකු කරගෙන අසිහියෙන් කෑ ගසන්නට වුණා.. කිසිදාක මෙවැනි සිදුවීමක් දැක නැති ඔහු හෝටල් කාමරය තුළ අසරණ වුණා..

හෝටල් කළමනාකරුට කතා කළා.. කට්ටිය එහි පැමිණියා... ඇය යක්ෂ ආරූඪව එක එක දේ කියයි.. එම භාෂාව කිසිවකුටත් නොතේරෙයි.. නගරයට කතා කොට කුලී රථයක් ගෙන ආ පසු,හෝටල් ගාස්තුව ගෙවා හැඳුනුම්පත් දෙකත් ගත් ඔහු සියලු‍දෙනාගේ සහයෝගය ඇතිව ඇය කුලි රථයට නංවා ගත්තා...

එදින කෙම්මුර දිනයක් වූ නිසා මේ නිසා නගරය අවට ප්‍රසිද්ධියක් උසුලන දේවාලයකට කුලී රථ රියැදුරුගේ අනු දැනුම මත ඇයව රැගෙන ගියා.. අසිහියෙන් සිටින ඇයගෙන් එම දෙවාලේ කපුවා කරුණු විමසුවා..

ඇයට ප්‍රේත බැල්මක් තිබූ හෙයින් එය ඉවත් කරන්නට පෙර ඇයට ඇප නූලක් ගමේ දේවාලයක කපුවකු දමා ඇත්තේ තාවකාලික විසඳුමක් ලෙසටයි..

ඒ ගැන නොදත් ඇය කැටුව හෝටලයට පැමිණි තැනැත්තා බෙල්ලේ තිබූ පාට නූල කැඩීමෙන් මේ අලකලංචිය සිදු වී ඇති බව හෙළි වූ අතර නැවත ඇයට ඇප නූලක් දමා සිහිකර ඇයව ගෙදර යාමට බස් රථයකට නංවා නින්දාවෙන් බේරුණු ඔහුට ඒ වනවිට හෝටල් ගාස්තු, කුලී රථ ගාස්තු හා ඇයට සන්තෝෂම් දීමනා ගෙවීමට අමතරව දේවාලයට පමණක් රුපියල් විසිපන් දහසකට වැඩි මුදලක් ගෙවීමට සිදුවී ඇති අතර, අවසානයේ ඔහු ඉටුකරගන්න ගිය අරමුණද අමතක වී ගොස් තිබුණා..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka