gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙරුම් පුරා බලා සිටි කිරි සිහිනය සැබෑ වී දින හතරකින් කුරුළු කැඳැල්ලක් සුණුවිසුණු කළ අනුවේදනීය කතාව මෙන්න

ඒ පවුල ගොඩක් සතුටෙන් සැහැල්ලුවෙන් කාලය ගත කරන්න ඇත්තේ ගෙදරට ආව පුංචි  අමුත්තා නිසා වෙන්න ඇති.. 

ඒත් ඒ සතුට විදින්නට ඔවුන්ට හැකිවුණේ දින ගණනක් විතරයි... අද වෙනකොට මේ පවුලේ පියාට හැම දෙයක්ම අඳුරු මතකයක් වෙලා..

ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දින හතරක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

එම ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනාගේ මව සහ මිත්තණිය ද මියගොස් ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ..

මිය ගිය දරුවන්ගේ පියා ඔවුන්ගේ උප්පැන්න සහතික ලියාපදිංචි කිරීම සඳහා පළාත් පාලන කාර්යාලයට ගිය අතරතුරදී මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි පැවසේ..

එහිදී ඔහුට අසල්වැසි පුද්ගලයෙක්ගෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇත්තේ, ඔහුගේ නිවසට ප්‍රහාරයක් එල්ල වූ බවත්, ඉන් දරුවන් දෙදෙනා, බිරිඳ සහ මිත්තණිය මිය ගිය බවත්ය..

එම ප්‍රදේශයේ ඊශ්‍රායල ප්‍රහාර කිහිපයකින් මිය ගිය මාස නවයක් වයසැති දරුවෙක් ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු පමණ මේ වනවිටත් සිටින බව රෝහල් බලධාරීන් පවසන බව වාර්තා වෙනවා..

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ යුද්ධයේදී ළදරුවන් 115ක් පමණ ඝාතනය වූ බවයි..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka