ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ මිනුවන්ගොඩ ජනරැළිය ඊයේ (27) පස්වරුවේ ආරම්භ වූ අතර ඒ සඳහා විශාල ජනකායක් රැස්ව සිටියහ.
මිනුවන්ගොඩ ජනරැළියට සමගාමීව මීගමුව සහ දංකොටුව යන නගර වලත් තවත් ජනරැළි 2ක් පක්ෂය විසින් සංවිධානය කර තිබූ අතර එම ජනරැළි තුනම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ආවරණය කරනු ලැබීය.
මිනුවන්ගොඩ රැළියේදී ප්‍රවීණ ගයන ශිල්පී සංගීත් විජේසූරිය මහතා ජාතික ජනබලවේගයේ වේදිකාවට පැමිණ සුවිශේෂි කතාවක් සිදු කළ අතර ඔහු පවසා සිටියේ තමා අනාරාධනයෙන් එම අවස්ථාව ලබාගත් බවයි.
එම කතාව පහතින්,