පවුල් පාලනය රටකට සාපයක් බවත් පවුල් පාලනය හේතුවෙන් කිසිම රටක් දියුණු වෙලා නැති බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කරයි.
අද වනවිට සජබය තනිකරම පවුල් පාලනයකට නතුවෙලා තිබෙන බවත් පක්ෂය රන් කරන්නේ සජිත් ප්‍රේමදාස නොව එයාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස සහ ව්‍යාපාරික ලක්ෂ්මන් ෆොන්සේකා බවද අමාත්‍යවරයා සදහන් කරයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග තවදුරටත් සදහන් කළේ,
“පවුල් පාලනය කියන්නේ රටකට සාපයක්. පවුල් පාලනයෙන් කිසිම රටක් දියුණු වෙලා නෑ. පවුල් පාලනය ගැන කතා කරන කොට හැමෝම කතා වෙන්නෙ රාජපක්ෂ පවුල් පාලනය ගැන. හැබැයි ප්‍රේමදාස පවුල් පාලනය ගැන කතා වෙන්නෙ අඩුවෙන්.
2015 -2019 කාලයේ සජිත් නිවාස ඇමති. ඒ කාලේ නිවාස අමාත්‍යාංශයේ වැඩිපුර ගැවසුනේ ඇමති සජිත් නෙමෙයි. එයාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස. අද සජබය තනිකරම පවුල් පාලනයට නතුවෙලා. පක්ෂය රන් කරන්නේ සජිත් ප්‍රේමදාස නෙමේ. එයාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස සහ ව්‍යාපාරික ලක්ෂ්මන් ෆොන්සේකා.
දැන් සජිත්ගේ නංගි දුලාංජලිත් වැඩේට බැහැලා. මම බොරු කියනවනම් සජබ මන්ත්‍රීවරුන්ගෙන් මේ ගැන අහල බලන්න. මේ පවුල් පාලනය නිසා සජබෙ ඉන්න හුඟක් මන්ත්‍රීවරු ඉන්නේ කලකිරීමෙන්. බැරිවෙලාවත් සජිත් දිනුවොත් රට පාලනය කරන්නේ සජිත් ප්‍රේමදාස සහ පවුලේ සමාගමයි. සජිත්ගේ ආණ්ඩුවේ ඇමැතිවරු පඹයන් බවට පත්වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ පවුල් පාලනය ප්‍රතික්ෂේප කරපු ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. ජනාධිපතිතුමාගේ බිරිඳ රැස්වීමකට වත් ඉන්නේ නෑ. ඇමතිවරු වන අපේ වැඩවලට වික්‍රමසිංහ පවුලේ සාමාජිකයෝ ඇඟිලි ගහන්නෙ නෑ. රනිල් වික්‍රමසිංහය කියන්නේ නියම ප්‍රජාතන්ත්‍රවාදී ගතිගුණ තියෙන නායකයෙක්.”
මිනුවන්ගොඩ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සදහන් කරයි.