කලින් දිනයක් සහ වේලාවක් ලබා ගෙන විදේශ ගමන් බලපත්‍ර ලබා දීම සඳහා සැලසුම් කළ ක්‍රමය හෙට සිට අත්හිටුවන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
ඒ අනුව පෙර පරදිම පැමිණි අනුපිළිවෙළට දිනකට විදේශ ගමන් බලපත්‍ර 750 බැගින් නිකුත් කිරීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා දන්වා සිටී.
අමාත්‍යවරයා මෙම තීරණය ප්‍රකාශයට පත් කරන්නේ මුද්‍රණය නොකළ හිස් විදෙස් ගමන් බලපත්‍ර හිඟ වීම හේතුවෙන් දිනපතා රැස්වන පිරිසට දින ගණන් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරියේ ගතකිරීමට සිදුවීමේ ඛේදනීය සිදුවීමට විසඳුමක් ලෙසය.
විදේස් ගමන් බලපත්‍ර නිකුත් වීම සීමා විමෙන් ඊයේ (27) දිනයේ ද ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැස්ව සිටි විශා පිරිසක් අපහසුතාවයට පත් වී සිටියේය. ඇතැමෙක් දින තුනක් තිස්සේ එම ස්ථානයේ රැඳී සිටින්නේ ගුවන් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහාය. එක් කාන්තාවක් නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින් පැවසුවේ හම්බන්තොට පැමිණ සිටින ඇය අද ගතකරමින් සිටින්නේ දෙවැනි දිනය බවය.
මේ අර්බුදයට හේතු වී ඇත්තේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වනවිටට ඇති හිස් විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීමය. මේ තත්ත්වය තුළ දිනකට නිකුත් කරන ගමන් බලපත්‍ර ප්‍රමාණය 350කට සීමා කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුව ද ඔන් ලයින් ක්‍රමය අහෝසි කර ඇමතිවරයා යෝජනා කර ඇත්තේ දිනකට ගමන් බලපත්‍ර 750ක් නිකුත් කිරීමය.
ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ දෙපාර්තමේන්තුව සතුව ඇති හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත බවය.
නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට රජය විසින් පියවර ගෙන ඇති බවත් ඒ සඳහා ජාත්‍යාන්තර මිල ගණන් කැඳවීම මගින් විදේශීය සමාගමකට එම ගමන් බලපත්‍ර සැපයීම ලබා දී ඇති බවත් ආගමන විගමන පාලකවරයා පවසයි.
ඒ අතර ඇති වු මෙම හිස් විදේශ ගමන් බලපත්‍ර හිඟයට පිළිතුරු ලෙස එම සමාගමෙන්ම අදාල ඉලෙක්ට්‍රොනික් ගමන් බලපත්‍රය සදහා වු ඇනවුමේම කොටසක් ලෙස හිස් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස් දහසක් සපයා ගැනීමට කටයුතු කර ඇති බවත්, එම තොගය ඔක්තොම්බර් මස අවසානයේ හෝ ඊට පෙර දිවයිනට ලඟා වනු ඇති බවත් ආගමන විගමන පාලකවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.