gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තෙල් සංස්ථා නිලධාරීන්ට ඉන්ධනහල් හිමියාගෙන් සාදයක් දෙයි

හම්බන්තොට ප්‍රදේශයේ විවෘත කිරීමට යන ඉන්ධනහලක් පිළිබඳ මැතිවරණ කොමිසමට වාර්තාවක් ලබාදීම සඳහා පිටත්කර යැවූ තෙල් සංස්ථාවේ නිලධාරීන්ට එම ඉන්ධනහල් හිමියා සාදයක් පවත්වා සංග්‍රහ කර ඇතැයි අනාවරණය වී ඇත.

මෙම ඉන්ධන පිරවුම්හල විවෘත කිරීමට යාමේදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් ඛනිජ තෙල් සංස්ථා ප්‍රධාන කාර්යාලයට පැමිණ විශේෂ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.

ඉන් පසුව අදාළ ඉන්ධන පිරවුම්හල සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට ඛනිජතෙල් සංස්ථාව මගින් විමර්ශන නිලධාරියකු ඇතුළු කණ්ඩායමක් පිටත් කර යවා ඇත.

එලෙස විමර්ශනයට ගිය නිලධාරීන්ට දේශපාලන හිතවතුන්ගේ ද සහාය ඇතිව සාදයක් පවත්වා ඇතැයි ඡායාරූප ද සහිතව තෙල් සංස්ථා මූලස්ථානයට තොරතුරු ලැබී ඇත.

හම්බන්තොට මෙම ඉන්ධන පිරවුම්හලට 2019 මුල් භාගයේදී අයැදුම් කර ඇතත් අවශ්‍ය අනුමැතීන් ගෙන ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට 2024 මැද භාගය දක්වා කාලයක් ගතවී ඇත. මේ අනුව දැනට පවතින මැතිවරණ නීතිවලට අනුගතව පිරවුම්හල වෙත ඉන්ධන නිකුත් කිරීමට අනුමැතිය දෙන ලෙස ඛනිජ තෙල් සංස්ථාව මැතිවරණ කොමසාරිස්වරයාගෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබිණ.

ඒ අතරේ මැතිවරණ කොමිසමට ලද පැමිණිල්ලක් මත ඛනිජ තෙල් සංස්ථාවට ගිය මැතිවරණ කොමිසමේ නිලධාරීන් මේ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස සංස්ථා සභාපතිවරයාට උපදෙස් නිකුත් කර ඇත.

ඒ අනුව හම්බන්තොට බලා කණ්ඩායමක් පිටත්කර තිබේ. එමෙන්ම ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් මීට පෙර ද අදාළ ඉඩම පරීක්ෂා කිරීමට රුපියල් ලක්ෂ ගණනක් ලබාගෙන ඇතැයි තොරතුරු හෙළිවෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka