gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපරාධයට ලක් වූ තණමල්විල දැරිය රෝහලේ සිටිය දී පොලිස් ලොක්කෙක් ලෙස දැරියට දුරකථන ඇමතුම් දුන් සිම්පත හිමි තැනැත්තා අත්අඩංගුවට!

සාහසික අපරාධයට ලක් වු තණමල්විල ජාතික පාසලේ දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර සිටින අවස්ථාවේ පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් දී දැරියත් දැරියගේ භාරකාරිත්වය සහිතව රෝහලේ සිටි ඇයගේ පුංචි අම්මාත් අපහසුතාවට ලක් කළ ඇමතුමට අදාල දුරකථන සිම් පතේ හිමි කරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 28 දන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි පෙරේදා (20) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ අංක 114, අංගන්තැන්න, කෙන්ගල්ල, (දිගන) ලිපිනයේ පදිංචි කොඩිප්පිලි ආරච්චිලාගේ මනරංග උදයකුමාර ධර්මසේන නැමති 35 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

අපරාධයට ලක් වු දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර සිටියදි පසුගිය 13 වන දින හම්බන්තොට මහ රෝහලේ රෝහල් පොලිසියේ නිලධාරියෙකු සම්බන්ධ කරගෙන තමන් පොලිස් මුලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙකු බව පවසමින් මෙම ඇමතුම ලබා දුන් පුද්ගලයා දැරියගේ දුරකතන අංකයක් ලබාගෙන තිබේ

ඉන්පසු උසස් පොලිස් නිළධාරියෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් දැරියගේ සාත්තුවට සිටි දැරියගේ පුංචි අම්මාටත් පසුව දැරියටත් දුරකතනය ඔස්සේ කතා කර සිද්ධියට අදාල විමර්ශනවල විස්තර ලබාගෙන ඇත.

පසුව මේ සම්බන්ධයෙන් ඇති වු සැකය මත දැරියගේ පුංචි අම්මා විසින් හම්බන්තොට මුලස්ථාන පොලිසියට පැමිණිල්ලක ඉදිරිපත් කර තිබුණේ පසුගිය 14 වන දිනය.

ඒ අනුව සිම්පත් පරික්ෂා කර සිද්ධියට අදාල වාර්තා ලබා ගැනීමෙන් පසු අනාවරණය වු තොරතුරු මත සිම් පත හිමි පුද්ගලයා තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා හම්බන්තොට මුලස්ථාන පොලිසියට බාර දි තිබේ.

අදාල සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේදි සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමාට අයත්ව තිබු අදාල සිම්පත් මේ වන විට තමා සන්තකයේ නොමැති බවය.

මිට මාස 06කට පෙර තමන් එම සිම්පත සහිත දුරකතනය උකස් තැබූ බවත්, නැවත උකස බේරා ගන්නා අවස්ථාව වන විට එම සිම්පත දුරකතනයේ නොතිබුණු බවත් ඔහු පවසා තිබේ.

කෙසේ වෙතත් අත්අඩංගුවට පත් සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදි සැකකරු මේ මස 28 වන දින දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka