gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභය එලවන සටනේ මහ මොළකරු රනිල්.. අගමැති ධුරය ගන්න ගහපු ගේම වමාරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙන තුරුම රටේ ජනතාව රවට්ටමින් ගෝඨාභය එලවන තත්ත්වයකට රට පත් කළේ රනිල් වික්‍රමසිංහ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා සදහන් කරයි.

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය භාරගත් දිනයේ සිට කටයුතු කළේ ගෝඨාභය රාපක්ෂව ජනපති ධුරයෙන් පන්නා දැමීමට බවත් අරගලය ආරම්භ කළේ රනිල් වික්‍රමසිංහ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා සදහන් කරයි.

මන්ත්‍රී නාලක ගොඩහේවා තවදුරටත් සදහන් කළේ,

“ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙත සජිත් ප්‍රේමදාස මහතා ලිපියක් යොමු කරනවා. එහිදි සජිත් ප්‍රේමදාස මහත්තයා කොන්දේසි 4 ක් පිළිබඳව කතා කරනවා. ඒ අනුව, නිශ්චිත කාල රාමුව තුල ජනාධිපතිවරයා ඉවත් වීම, සති දෙකක කාලයක් තුළ සියලුම පක්ෂ සහයෝගයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ බලාත්මක කිරීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, ජන ජීවිතය යථා තත්ත්වයට පත් කොට නීතියේ ආධිපත්‍ය තහවුරු කොට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විම.

මේ කිසිම ඉල්ලීමක අසාධාරණත්වයක් නෑ. මේ කොන්දේසි වලට ගෝඨාභය රාජපක්ෂ මහතා කැමැති වුණේ නෑ. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නිශ්චිත කාල සිමාවකදී ඉවත්වෙන බව ප්‍රකාශ කළානම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ගෞරවාන්විතව ඉවත්වීමට හැකියාව තිබුණා. ඒ වගේම කිසිදු කොන්දේසියක් නොමැති රනිල් වික්‍රමසිංහට අගමැතිධුරය භාර දුන් බව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරනවා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට කොන්දේ දාන්න විදිහක් නෑ.

මොකද රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පැරදිලා ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබාගත් තනි මන්ත්‍රීවරයෙක්. ඔහුට අගමැතිධුරය භාර ගන්න කොන්දේසි අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් අගමැතිධුරය භාරගත්ත දා සිට රනිල් වික්‍රමසිංහ මහත්තයා කටයුතු කළේ ගෝඨාභය රාපක්ෂ මහතාව එලවන්න. ඒ වගේම රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ආරම්භ කළ අරගලය දිගටම ගෙනියන්න ඔහුට අවශ්‍යතාවයක් තිබුණා.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්වුණාට පස්සේ රට ගොඩගන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ නෑ. රට විශාල අර්බුදයක තිබෙන්නේ. ඉදිරියේදී මීටත් වඩා අපහසු කාලයක් එනවා කියලා අදුරු චිත්‍රයක් මවා පාන්න රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කටයුතු කළා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙන තුරු රටේ ජනතාවට අදුරු චිත්‍ර මවමින් ජනතාව ගෝඨාභය රාජපක්ෂව එලවන තත්ත්වයකට රට පත් කරන්න රනිල් වික්‍රමසිංහ කටයුතු කළා.”

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මේ බව සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka