gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විසිදෙනෙක් එකතු වෙලා රූමත් වෛද්‍යවරිය අමානුෂික විදියට මරා දැමුවේ ඖෂධ ජාවාරමක රහසක් රැකගන්නද?

පසුගිය සතියේ අනාවරණ කළ තණමල්විල ප්‍රදේශයේ පාසල් දැරියක් එම පාසලේම සිසුන් 17 දෙනකු විසින් අපයෝජන කිරීමේ සිදුවීම බොහෝ දෙනකුගේ හදවත් කම්පනයට පත්කකරනු ලැබුවා. එවැනි කනගාටුදායක සිදුවීම් නැවතත් අසන්න නොලැබේවා කියා අප කොයි තරම් ප්‍රාර්ථනා කළත් ඊට සමාන තවත් ඛේදනීය සිද්ධියක් ගැන මේ සතියේද ඔබට ලියා තබන්නට සිදුවීම වේදනාකාරී අත්දැකීමකි. එදා මා ඔබට ලියාතැබූ සිදුවීම වාර්තා වුණේ තණමල්විල ප්‍රදේශයෙන් වුණත් අද ඔබට ලියන මේ සිදුවීම වාර්තා වුණේ අපේ අසල්වැසි රට වන ඉන්දියාවෙන්.

ලෝකය පුරාම අද වනවිට කතාබහට බඳුන්වන මේ ආන්දෝලනාත්මක සිදුවීම තමයි ඉන්දියානු වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීම. මේ ඛේදවාචකය සිදුවුණේ ඉන්දියාවේ බෙංගාලයේ කොල්කටා නගරයේ පිහිටි ආසියාවේ පළමු පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වන R. G. Kar Medical College And Hospital හිදීයි. එහිදී මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑවේ වෛද්‍ය මෞමිතා ඩෙබ්නාත් (Dr. Moumita Debnath) නැමති වෛද්‍යවරියයි. ඇයව සමූහ දූෂණයට ලක්කර ඝාතනය කර තිබුණා. එම සිදුවීම වාර්තා වීමත් සමග ලොව පුරා මිලියන ගණනක් වූ ජනතාව මහත් කම්පනයටත්, කැලඹීමටත් පත්ව තිබූ අයුරු සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය වාර්තාවලින් දැකගන්නට ලැබුණා.


31 හැවිරිදි මෞමිතා ඩෙබ්නාත්ගේ මූලික පරමාර්ථය වී තිබුණේ ඇගේ උසස් අධ්‍යාපන කටයුතු නිමා කරගැනීමයි. ඉන් පසු ඇය විවාහ වීමේ අපේක්ෂාවෙන් පසුව සිටි බවද වාර්තා වුණා. ඇගේ පියා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වන අතර, මව ගුරුවරියකි. ඝාතනය වන්නට පෙර දින ඇය සිය මවුපියන්ට දුරකතන ඇමතුමක් ලබාගත්තද එම ඇමතුම ඔවුන්ට මඟහැරී තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා.


මෞමිතා ඉගෙනුම ලැබුවේ විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ පුහුණු වෛද්‍යවරියක් ලෙසයි. එය විශ්වවිද්‍යාලයක් සේම රෝහලක් ලෙසද පවත්වාගෙන යන සුවිශාල වෛද්‍ය අධ්‍යාපන ආයතනයක්. දිනකට රෝගීන් 3500කට අධික ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගැනීමට එහි පැමිණෙන බවද වාර්තා වෙනවා. එම රෝහල තුළ වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් සිය වැඩිදුර අධ්‍යාපනය හදාරනවා. එම වෛද්‍යවරුන්ට විවේක ගැනීමට වෙනම ස්ථානයක් නොමැති වීම හේතුවෙන් ඔවුන් විවේක ගනු ලබන්නේ රෝහලේ 03 වැනි මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවකයි. එලෙස පැය 36ක සේවා මුරය අතරතුර කෙටි විවේකයක් ලබාගැනීම සඳහා මෞමිතා පසුගිය 09 වැනිදා එම සම්මන්ත්‍රණ ශාලාවට පැමිණෙනවා. ඒ, ඇය යන අවසන් ගමන බව මෞමිතා හීනෙකින්වත් නොසිතන්නට ඇති. කෙසේ හෝ සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම් කරන ස්ථානයක මෙට්ටයක් මත තිබී පසුදා පෙරවරු 11.30ට පමණ ඇගේ රෝහල් මිතුරන්ට හමුවන්නේ ඝාතනයට ලක්වූ ඇගේ අඩ නිරුවත් සිරුරයි.


මෞමිතා දූෂණය කර තිබුණේ අලුයම 3ත් 5ත් අතර වෙලාවේ බවටයි අනාවරණය වී තිබුණේ. ඇයට සිදුකළ පහරදීම් සහ වධ හිංසා නිසා ඇගේ තයිරොයිඩ් ග්‍රන්ථියට දැඩි හානි සිදුව තිබූ බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබුණා. එසේ වුවද කොල්කටා පොලිසිය මුලින් ඇගේ මවුපියන්ට දන්වා තිබුණේ මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් බවටයි. ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබුවේ ඇය සේවය කරන රෝහලේ වෛද්‍යවරුන් විසින්මයි. ඒ අනුව මෞමිතා බරපතළ ලිංගික අතරවරයකට ලක්ව ඇති බවට අනාවරණය වීමත් සමග කොල්කටා පොලිසියට නිහඬව සිටින්නට නොහැකි වුණා. මෞමිතා ඝාතනය කළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ඉන්දියාව පුරා පැනනැඟුණු විරෝධතා හේතුවෙන් සීසීටීවී දර්ශන පරීක්ෂා කොට එක් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා.


ඝාතකයන් ඇගේ ලිංගික අවයවවලට පවා දැඩි හානි සිදුකර තිබුණු බවත්, ඇය පැලඳ සිටි උපැස් යුවල ඇගේ ඇස් තුළට කාවදින ලෙස පහරදී ඇති බවත් අනාවරණ වුණා. පිරිමි 8ත් 10ත් අතර පිරිසක් ඇයව සමූහ දූෂණයට ලක්කර ඇති බවද විමර්ශනවලදී හෙළිවුණා. මෙම අපරාධයට මෞමිතා සමග එකම විශ්වවිද්‍යාලයේ එකම පන්තියේ ඉගෙනුම ලැබූ යෙහෙළියකද සම්බන්ධ බවට අනාවරණ වුණේ එම යෙහෙළියගේ පෙම්වතා විසින්ද මෞමිතා දූෂණයට ලක්ව තිබීම හේතුවෙන්.


කෙසේ වෙතත් සාහසිකයන් මෞමිතාට මෙම අපරාධය සිදුකළේ ඇය කිසියම් රහසක් දැන සිටි නිසා බවත්, ඇය එම රහස හෙළිකරනු ඇතැයි යම් පාර්ශ්වයක් සැක කර ඇති බවත් කියැවේ. එසේම ඇය නීති විරෝධී ඖෂධ ජාවාරමක තොරතුරු දැන සිටි බවටද සැක පළව තිබේ. ඒ සම්බන්ධයෙන් ඇය සමග සේවය කළ වෛද්‍යවරයෙක් මාධ්‍ය වෙත තොරතුරු හෙළිකර ඇත.

මේ ඝාතනය කොයි තරම් ම්ලේච්ඡද කියනවා නම් කටින් ලේ පිටවන තුරුම ඇගේ ගෙල සිරකරගෙන සිට ඇති බවයි පරීක්ෂණවලින් අනාවරණ වී තිබුණේ. ඇගේ සිරුර තුළ ශුක්‍රාණු මිලිග්‍රෑම් 150කට වඩා තැන්පත්ව ඇති බව පරීක්ෂණවලින් හෙළිව ඇත. සාමාන්‍ය මිනිසකුට එකවර නිපදවිය හැකි ශුක්‍රාණු ප්‍රමාණය වන්නේ මිලිග්‍රෑම් 15ක් පමණයි. මේ තරම් සිරුරේ ශුක්‍රාණු විශාල ප්‍රමාණයක් ඇගේ සිරුර තුළට මුදාහැර ඇත්තේ සාහසිකයන් විශාල පිරිසක් ඇයව දූෂණයට ලක්කළ නිසා බවද හෙළිවී ඇත.


මේ සිදුවීමට අදාළව සැකකටයුතු පුද්ගලයන් 25 දෙනකු ඇතුළුව කාන්තාවක්ද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට ගැනුණේ සංජය රෝයි නමැත්තෙක්. ඔහු කොල්කටා පොලිසියේ ස්වේච්ඡාවෙන් සේවය කරන්නෙකු බවටයි අනාවරණය වුණේ. ඔහු විවාහ 04ක් සිදුකරගත් පුද්ගලයෙකු බවත්, මීට පෙරද විවිධ අපරාධවලට සම්බන්ධ වී චෝදනා ලැබූ අයකු බවද කියැවේ. ඔහුගේ ජංගම දුරකතනය නිරීක්ෂණය කළ පොලිසියට දැකගන්නට ලැබී ඇත්තේ ඔහු අසභ්‍ය වීඩියෝ දර්ශනවලට ඇබ්බැහි වූ අයකු බවයි.

මේ සාහසික මිනීමැරුමට ඉන්දියාව තුළ විශාල ජනතා විරෝධයක් ඇතිව තිබෙනවා. සීමාව ඉක්මවූ වැඩමුර සහ රෝහල් තුළ කාන්තාවන්ගේ අනාරක්ෂිතභාවය එම විරෝධතාවලට ප්‍රධාන හේතුවක් වී ඇත. මිලියනයක් පමණ ඉන්දීය වෛද්‍යවරු සිය දෛනික වැඩ මුරයෙන් ඉවත්ව මෙම විරෝධතාවට එක්ව තිබුණා. එසේම ජනප්‍රිය බොලිවුඩ් නළු නිළියන් වන රිතික් රෝෂන්, කත්‍රිනා කපූර්, ආලියා බාත්ද මෞමිතාට සාධාරණය ඉල්ලමින් එම විරෝධතාවලට එක්ව සිටි බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.


ඉන්දියාව යනු කාන්තා හිංසන, ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් ඉතා අපකීර්තිමත් ඉතිහාසයක් ඇති රටකි. 1973 වසරේ රෝහල් සේවකයකු විසින් හෙදියක් වාට්ටුවක් තුළදී ගෙල සිරකර දූෂණය කර තිබුණා. 2012 වසරේදී නවදිල්ලියේ බස් රථයක් තුළදී 22 හැවිරිදි ජෝති සිං නම් තරුණිය සමූහ දූෂණයට ලක්කර තිබුණා. දැඩි ලෙස අසාධ්‍යව සිටි ඇය මියයාමට පෙර සැකකරුවන් සියලු දෙනා අනාවරණ කිරීමටයි කටයුතු කර තිබුණේ. දුෂිතයන්ට මරණ දඬුවම නියම කළ මෙම සිද්ධිය නම්කර තිබුණේ ‘නිර්භයා සිද්ධිය’ ලෙසයි. එසේම මෙවැනි සාහසික දූෂණ, අපයෝජන ඉන්දියාවෙන් නිතරම වාර්තා වනවා.

ඉන්දියාව වගේ රටවල ජීවත් වන කාන්තාවන් එළියට බහින්නේ ආයිත් ගෙදර එන්න වෙයිද බැරිවෙයිද කියන කුතුහලයෙන්. ඒ තරමටම කාන්තාවගේ ජීවිත අනතුරුදායක තත්ත්වයකට පත්ව තිබෙනවා. ඉන්දියාවට පමණක් නොවෙයි, අපේ රටටද එම තත්ත්වය පොදු බව මේ වනවිට වාර්තා වන සිදුවීම්වලින් තහවුරු වෙනවා.

ඇත්තටම කාන්තාවකට ආරක්ෂාව තිබෙන්නේ කොහේද? වසරකට එක දිනයක් කාන්තාවන් වෙනුවෙන් නම් කරලා සමරීම නොවෙයි විය යුත්තේ. කාන්තාවක් කියන්නේ අපේ අම්මා, අක්කා, නැගණිය, සහෝදරිය කියන ආදරණීය බැඳීමෙන් යුතුව ඇයව ආරක්ෂා කිරීම අපි සැම දෙනාගේම වගකීමක්.
මෞමිතාගේ පියා පවසා තිබුණේ ‘දුව ගොඩාක් මහන්සි වෙලා එයාගේ හීනෙට යන්න වැඩ කරපු කෙනෙක්. එයා ගෝල්ඩ් මෙඩ්ලිස්ට් කෙනෙක් වගේම වෛද්‍ය විභාගේ බැච් ටොප් වෙච්ච කෙනෙක්. එයාගේ ඒ සතුටට ගොඩාක් අය ඊර්ෂ්‍යා කරන්න ඇති….’ යනුවෙන්.

ජීවත ජීවත් කරවන දෙවිවරු වගේ වෛද්‍යවරියකගේ ජීවිතය මේ සාහසිකයන් විනාශ කළේ මොන හිතකින්ද?
මේ වගේ පාපතරයන්ගේ පවුල්වල අම්මලා සහෝදරියෝ දුවලා නැද්ද? ඒ පාපතරයන් කළ දේ අවසාන මොහොතේ ඇයට කොයි තරම් වේදනාවක් ගෙන දෙන්න ඇතිද? මින් පසු මෙවැනි පාපකාරී සිදුවීමක් මිහිපිට කිසිදු කාන්තාවකට අත් නොවේවා… මෞමිතාට සාධාරණය ඉෂ්ට වේවා කියලා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

නිලන්ති රේණුකා
‘මව්රට’ පුවත්පතෙන් 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka