gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එකම නම අට වතාවක් – රන් පදක්කම්වලින්ම ගෙල සරසාගත් හැමෝම කතාවෙන පේරාදෙණියේ උපාධිධාරිනිය

කුමුදුමලී ඩබ්ලිව්. යූ…කුමුදුමලී ඩබ්ලිව්. යූ….කියලා කියවුණේ එක පාරක් නෙමෙයි.. 

මේ වීඩියෝව විනාඩි 3 තත්පර විසිහයයි… අද වෙද්දී ලංකාවේ බොහෝදෙනෙක් මේක බලල තියෙන්න ඕන… එක ස්ටේජ් එක පිට එක ගෝල් මෙඩ්ල් අටක්.. කව්ද මේ කුමුදුමලී.. තමන්ගේ නම අට පාරක් අහගන්න ඇය කළ කැපකිරීම් අහසටත් වඩා උස ඇති…

උදේනි කුමුදුමලී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයෙන් තම අධ්‍යාපනය හැදෑරූ ශිෂ්‍යාවක්.. මේ කියන්න යන්නේ සමාජමාධ්‍යවල මේ දවස්වල වැඩි වැඩියෙන් කතාබහට ලක්වෙන ඇය ගැන කතාවක්…

ඔච්චර උපාධි අරන් මොනා කරන්නද අහන මිනිස්සු, උපාධි මොකටද අනේ ගේමක් ගහගන්න දන්නවා නම් කියන මිනිස්සු, තාමත් ඔයා ඉගෙන ගන්නවද අහන මිනිස්සු, කීපාරක් ඔයා රිපීට් වුණාද තාම ඔතනද අහන මිනිස්සු,නාකි වෙනකන් කැම්පස් යන්නද හිතන්නේ අහන මිනිස්සු,උපාධි ගොඩගහන් ඕවා කන්නද අහන මිනිස්සු ඇයටත් අනන්ත හමුවෙන්න ඇති…

මේ සාර්ථකතවයට ඇය ආවේ නොයෙකුත් කරදර බාධා මැදයි.. ඉතාමත් දුෂ්කර ගමකින් ඇවිල්ලා..වැඩ්ඩො අතර වැඩ්ඩෙක් වෙන්න හැමෝටම බෑ.. ඒත් ඇය ඒක කොහොමහරි අවසන් කලා.. ඒ විතරක්ම නෙවෙයි තමන්ට මේ තැනට එන්න පාර තනාදුන් නිදහස් අධ්‍යාපනයට‍ ඇය ස්තූතිවන්ත වෙන්නත් අමතක කරලා තිබුණේ නැහැ..

ඉතින් ඉතාම කෙටි කාලයකින් ඇගේ මහන්සිය බොහෝ දෙනාගේ ප්‍රසංසාවට හා ඇගයීමට ලක්වුණා.. ඉතින් ඔන්න මේ ලැබුණු ආදරය වගේම ඇගේ මහන්සිය, උත්සාහය වෙනුවෙන් ලැබුණු හැම උණුසුම් ප්‍රතිචාරයකටම ඇය මෙන්න මේ විදිහට සටහනක් ඇගේ මුහුණු පොතේ තබන්න අමතක කරලා තිබුණේ නැහැ..

මම වෙනුවෙන් සුබ පැතුම් එක් කරපු, මම ගැන ලියපු හැමෝට ම බොහොම ස්තුති යි..
………………………………………………………………..
ඒ ලැබුනු ආශිර්වාද සහ පන්නරය , හෙට ත් මගේ ජීවිතය ආලෝකමත් කරාවි..
ඇත්තට ම මට මොනව ද කියන්න ඕන, මොනව ද ලියන්න ඕන කියලා හිතා ගන්න බෑ..
මේ තරම් පිරිසක් අතර, මෙච්ව්ර පොඩි කාලෙකින්, දැනගැනීම් ඇති වෙයි කියලා හිතුවෙ නෑ.. කොටින් ම කිවිවොත් මෙහෙම දෙයක් හීනෙකින් වත් මම බලාපොරොත්තු උනෙත් නෑ..
මේ ගෙවා ගිය ජීවිතේ,, ඉඩෝර අනන්ත වාර ගනනක් මම පහු කරන්න ඇති.. අර මම හැමදාම කිඋවා වගේ, ඒ ඒ මොහොත මා දරා ගත්ත විදිය සහ ඒ ගත් අප්‍රතිහත ශක්තියට නිගා දෙන්න බැරි නිසා, සොබා දහම විසින් මන් වෙනුවෙන් වට්ටපු එකම එක පුංචි මල් වැස්සක් වෙන්න ඇති මේක.. මේ ජයග්‍රහණය..
ඒත්, තව කොච්චර නම් දුර යන්න ඇත් ද? මේක ආරම්භයක් නොවෙද? මේ මොහොතේ මගේ හිත කියන්නෙ ඔච්චරයි
ඉතින් මේ ව්දියට මාව අගය කරපු ඔබ, මට තවත් ඉදිරියට ඇදෙන්න ලොකු ශක්තියක් එකතු කරා.. ඒ වෙනුවෙන් හැමෝට ම නැවතත් මම ස්තුති කරනවා..
…………………………………………………………….. ..
ඉතින්,, ඔබ ,
අම්මෙක් තාත්තෙක් වේ ද, කුමන හෝ ආයතනයක ප්‍රධානියෙක් වේද, කුමන තරාතිරම ක වුව සේවයක් කරන කෙනෙක් වේද, කුමන රැකියාවක් කරන කෙනෙක් වේද,ඉගෙන ගන්න කෙනෙක් වේද,, කවුරු හෝ…
තමන් ට ආදරේ කරන්න. තමන් කරන තමාට නියමිත රාජකාරිය වෙනුවෙන් කැප වෙන්න, ආදරේ කරන්න, ගරැ කරන්න..
තමන් ව විශ්වාස කරන්න, අගයන්න, තමා විසින් තමාව ම රාමුවක සිර නොකරන්න..
කුමන ක්ශේත්‍රක වුවද, අරමුණක් ලුහු බැද එය ජය ගන්න..
මතක තියාගන්න ජීව්තේ ජයගන්න කැම්පස් යන්න ම ඕනි ම නෑ
හැබැයි ඒක හොද අවස්ථාව ක් වෙන්න පුලුවන්.. ඒ අවස්ථාව ගන්න පසුබට වෙන්න එපා..
මේ හැමදේට ම තමන් ගෙ ම හිත හදාගන්න…
ඒ තුලන් මේ ලැබුන දුර්ලබ මනුෂ්‍ය බවය අර්තවත් කරන්න..
කොටින් ම කිව්වොත්, ජීවිතේ ට අර්ථයක් දෙන්න, ජීවත් වෙන්න
ආපහු හැරිලා බැලුවොත් පසු තැවීම් නොවෙන්න, ජිවත් වෙන්න..
කාලය ගත වෙවී මේ හැමදේ ම වෙන්න, බය නැතුව කාලය ට ඔබ අතහැර යන්න ඉඩ දෙන්න..
බාදක ජය ගන්න, මැඩ ලන්න, සහ හැර යන්න..
ඔව්, මම ඉතින් විශ්වාස කරනවා, පුලුවන් වේවි අපි හැමෝටම දවසක මේ ලොවම ජයගන්න..
ඉතින් ඔබ සියලූ දෙනා ම වෙනුවෙන්, මගේ ඒ සුබ පැතුම ඔබට එකතු කරන්නම්…
උදේනි කුමුදුමලී~
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka