gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කලබ් වසන්ත ඝාතනයේ කන්ජිපානිගේ සහය හෙළිවෙයි

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධ වෙඩික්කරුවන්… දෙදෙනාට රටින් පලායාමට අවස්ථාවක් ලැබී නැත්තේ වෙඩික්කරුවන්ව මෙහෙයවූ ලොකු පැටී බෙලරූස්හී දී අත්අඩංගුවට පත්වීම හේතුවෙන් සියලු සැලසුම් බිඳ වැටීම නිසා බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන වෙඩික්කරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී තිබේ.

කංජිපානි ඉම්රාන්ගේ කොන්ත්‍රාත්තුවකට අනුව ලොකු පැටීගේ මෙහෙයවීමෙන් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව ද මෙතෙක් කර ඇති විමර්ශනවලින් හෙළිව ඇති බව පැවසේ.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අතුරුගිරියේ ප්‍රධාන වෙඩික්කරු පසුගිය 23 වැනිදා සවස අත්අඩංගුවට ගනු ලැබුවේ දෙහිවල පල්ලියදොර පාරේ පිහිටි නිවසක රැඳී සිටියදීය. 

සිංහ රෙජිමේන්තුවේ හිටපු හමුදා සෙබළෙක් වන ඔහු අජිත් රෝහණ නොහොත් “චණ්ඩි” නමැති 31 හැවිරිදි වියේ පසුවන්නෙකි. 

ඔහුට මෙයට පෙරද මිනිස් ඝාතන සම්බන්ධ චෝදනාවක් ඇති බව පැවසේ. 

අහුංගල්ල මාකුඹුරේ පදිංචිකරුවෙක් වන ඔහු ලොකු පැටීගේ සමීපතමයෙක් බව අනාවරණය වී තිබේ.

මෙම සැකකරුට අමතරව මෙම නිවස ඔහුට සැඟවීමට කුලීපදනම මත සොයාදුන් දෙහිවල කවුඩානේ පදිංචිකරුවෙක් වන මොහොමඩ් ඉම්රාන් නමැති 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්ද අත්අඩංගුවට ගෙන ඇත. 

ඒ හැරුණු කොට වෙඩික්කරුවන්ට ප්‍රහාරයට පෙර අතුරුගිරියෙන් නවාතැන් පහසුකම් සපයාදුන් ඉන්දික ද සිල්වා නොහොත් “සංඛ” නමැති 29 හැවිරිදි වියේ පසුවන ත්‍රිරෝද රථ රියැදුරෙක්ද අත්අඩංගුවට ගෙන ඇත. 

එම ත්‍රිරෝද රථ රියැදුරු අහුංගල්ල ලෝකංවත්තේ පදිංචිකරුවෙකි. 

වෙඩික්කරුවන් නවගමුවේ සිට කතරගම දක්වා බස් රථයකින් රැගෙන ගොස් ඇත්තේද මෙම සැකකරු බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවකු ඇතුළු තිදෙනා පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබී ත්බේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී පාතොරම් සහ ගිනි අවි රැසක් සොයාගෙන තිබිණි. 

සොයාගත් ටී 56 වර්ගයේ උණ්ඩ අතර අතුරුගිරියේ සිදුකළ වෙඩි තැබීමට යොදාගත් පතොරම්වල සටහන්කර තිබූ ආකාරයෙන් KPI ලෙස සටහන් කළ තවත් උණ්ඩ 12ක් හමු වූ බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

සොයාගත් පතොරම් අතර ටී 56 ජීව උණ්ඩ 165ක්, මිලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 77ක්, විවිධ වර්ගයේ උණ්ඩ 17ක්, පොයින්ට් 38 වර්ගයේ උණ්ඩ 8ක්, බෝර 12 වර්ගයේ පතොරම් 4ක්ද තිබී ඇත. 

මේ හැරුණු කොට ටී – 56 වර්ගයේ ගිනි අවියක්, ෂොට්ගන් එකක්, පිස්තෝල මැගසින් 1ක්, 9MM පතොරම් ගැබ් එකක්, අත් විලංගු 1ක්, සයිනඩ් කරල් 2ක් හා ජංගම දුරකතන 03ක් ද සොයා ගෙන තිබිණි.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් ඉකුත් ජූලි මස 08 වැනි දින වෙඩි තබා ඝාතනය කෙරුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් එකොළොස් දෙනකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka