gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද සිදුවෙන ප්‍රබල ග්‍රහමාරුවක් ගැන ඇසෙන කතාව මෙන්න

මේ කියන්න යන්නේ අද දවසේ සිදුවන ප්‍රබල ග්‍රහ මාරුවක් ගැන කතාවක්..

ඉතින් මේ ග්‍රහ මාරුව ඔබේ ලග්නයට කොහොම බලපාවිද..?

මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.. ඉතින් මේ ග්‍රහ මාරුව ඔබේ ලග්නයට මොනවගේ බලපෑමක් ඇති කරයිද…?

මේ ඒ ගැන පළවුණ සටහනයි..

ග්‍රහලොව සෙන්පතියා, දඩබ්බරයා යන අන්වර්ථ නාමයන් ගෙන් හඳුන්වන කුජ ග්‍රහයා ලබන 26 වැනි සඳු දින ප.ව. 15.23ට තමාගේ සතුරු රාශියක් වූ බුධට අයත් මිථුන රාශියට ගෝචර වේ. මෙහිදී කුජ ග්‍රහයා දින 55ක් මිථුන රාශියේ රැඳී සිටී. මේ අවස්ථාව වනවිට තත්කාල ලග්නය වශයෙන් ධනු ලග්නයත් වෘශ්චික නවාංශකයත් උදාව පවතී. තෙවැන්නේ ශනි ද සිව්වැන්නේ රාහු ද සයවැන්නේ ගුරු ද සඳු ද හත්වැන්නේ කුජ ද අටවැන්නේ බුධ ද නව වැන්නේ රවි ද දහ වැන්නේ සිකුරු, කේතු ද විය.

කුජ සතුරු රාශියකට හෙවත් මිථුනයට යෑම එහිදී එම බුධ රාහුට අයත් මුවසිරස නැකත තුළ ගමන් ගෙන තිබුණි. ලේ වැගිරීම්, පිපිරීම්, ගිනි ගැනීම්, වෙඩි තැබීම් නිරන්තරයෙන් අසන්නට ලැබෙන අතර ම ආරක්ෂක අංශයන්ට නින්දා, අපවාද ඇති වන ප්‍රවෘත්ති ද අසන්නට ලැබේ.

මේ අවස්ථාව වනවිට විසිදෙවන දෙර්කානාධිපති ගුරු පීඩාවට පත්ව තිබේ. එම හේතුව නිසා බදු බර වැඩිවීමක් ද පෙනෙන්නට තිබෙන අතර ගුරු භවතුන්ට, ආගමික නායකයන් වහන්සේලාට ද යහපත් නොමැත. ඒ අනුව සෙන්පති කුජගේ ගෝචරය ලග්න 12ට බලපාන අයුරු කෙසේ දැයි බලමු.

මේෂ ලග්නය

මේෂ ලග්න ඔබගේ ලග්නාධිපති මෙන්ම අට අධිපති ද කුජ ම වෙයි. මේෂ ලග්න ඔබගේ තුන්වැන්නට ගෝචර වීම තුළ බාල සහෝදරයන් අතර ගැටලු ඇති වේ. ධනස්ථානගතව ගජ කේශරී යෝගයක් ද පවතින හෙයින් ඔබට තැන්පත් ධනයේ වැඩිවීමක් ඇති කරයි. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට යහපත් වේ.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්න ඔබගේ හත්වැන්නටත් දොළොස් වැන්නටත් අධිපති කුජ ධනස්ථාන ගතව හෙවත් දෙවෙනි භාවය තුළ ගෝචර වේ. ධනය අතින් යම් යම් ගැටලු ඇති කෙරේ. එසේම ඔබගේ වචන නිසා බොහෝ දෙනෙක් විරසක වන බවක් ද පෙනේ.

මිථුන ලග්නය

මිථුන ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ කුජ ලග්නගතව ගෝචර වේ. එනම් හයවැන්න අධිපති වේ. ඒ අනුව ශීර්ෂ රෝග ඔබට ඇති කරයි. තරමක් ආවේගශීලි බවක් ද පෙන්නුම් කරයි.

රැකියාවේ කලකිරීම්, එපාවීමි මෙන්ම රැකියාව තුළ ගැටලු ද පෙනෙන්නට තිබේ.

කටක ලග්නය

කටක ලග්න ඔබගේ යෝග කාරක වශයෙන් ද හැඳින්වෙන කුජ ග්‍රහයා දොළොස්වැන්න තුළ ගෝචර වේ. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට උනන්දුව අඩුවන බවක් ද ඇති වේ.

ලග්නාධිපති සමගින් භාග්‍ය ස්ථානයට අධිපති එකට එකතු වී අයස්ථාන ගතව ගමන් ගෙන තිබුණි. ලැබීම් අතින් යහපත් වේ.

සිංහ ලග්නය

සිංහ ලග්න ඔබගේ කේන්ද්‍රයේ කුජ ග්‍රහයා එකොළොස් වැන්නේ ගෝචර වේ. මෙයට අමතරව කර්මස්ථානගතව හෙවත් දසවැන්න තුළ ගජකේශරී යෝගයක් ද දැක ගතහැක. ලැබීම් අතින් යහපත් වේ. ඔබ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි අයෙක් නම් යහපත් රැකියාවක් ලැබීමට භාග්‍ය පවතී.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ අට අධිපති කුජ කර්මස්ථානගතව හෙවත් රැකියා ස්ථානය ගෝචර වේ. රැකියාවේ ගැටලු පෙන්නුම් කෙරේ. අයස්ථානාධිපති භාග්‍යස්ථාන අධිපති සමග සංයෝග වීම මත ලැබීම් අතින් වරදක් නොමැත.

තුලා ලග්නය

තුලා ලග්න ඔබගේ කේන්ද්‍රයේ කුජ නවවැන්නේ ගෝචර වේ. එනම් දෙකඅධිපති වන්නේ ද මේ කුජ ග්‍රහයාමය. ඔබට අනුන් සන්තක ලැබීම් උරුමවන කාලයකි. දහය අධිපති අටවැන්නේ පිහිටා තිබීම හේතුකොට ගෙන රැකියාවේ ගැටලු පැන නැඟේ.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ කුජ ග්‍රහයා අටවැන්නේ ගෝචර වේ. ඔබ මෙම දින කිහිපය තුළ රථවාහන පැදවීමේදී දැඩි ලෙස ප්‍රවේශම් වන්න. තරමක් ආවේගශීලී වීමට ඉඩ පවතී.

ධනු ලග්නය

ධනු ලග්න ඔබගේ කේන්ද්‍රයේ හත්වැනි භාවය තුළ කුජ ග්‍රහයා ගෝචර වේ. තරමක් ආවේගශීලී වීමට පුළුවන. ඔබ හවුල් ව්‍යාපාරවල යෙදෙන අයෙක්නම් එකී හවුල් ව්‍යාපාරවල ගැටලු ඇති කරයි. එසේම ඔබ රැකියාවක් කරන අයෙක් නම් එම රැකියාව තුළ කලකිරීම්, එපාවීම් පෙන්නුම් කරයි.

මකර ලග්නය

මකර ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ කුජ ග්‍රහයා හයවැන්න තුළ ගෝචර වේ. ඔබට සතුරු කරදර, පීඩා ඇති කෙරේ. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට යහපත් වේ.

කුම්භ ලග්නය

කුම්භ ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ කුජ ග්‍රහයා පස්වැන්න හෙවත් විද්‍යා ස්ථානයට ගෝචර වේ. පදිංචිය වෙනස් වීම් ද පෙන්නුම් කරයි. උදරගත ආබාධ ද මෙම කාලය තුළ උත්සන්න වේ.

මීන ලග්නය

මීන ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ කුජ හතරවෙනි භාවයේ ගෝචර වේ. ඔබට ඉඩකඩම්, නඩු ඇතිවිය හැකි කාලයක් ද වේ. පදිංචියේ වෙනසක් ද දකින්නට තිබේ.

දිවයින පුවත්පත ඇසුරෙන්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka