gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්ලබ් වසන්ත ඝාතකයන්ට රටින් පනින්න බැරිව අසරණ වෙලා.. සැලසුම් සියල්ල වතුරේ ගිය හැටි වමාරයි

පසුගියදා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ එම ඝාතනය මෙහෙයවූ ලොකු පැටී නමැති පාතාල සාමාජිකයා බෙලරූස් හිදී අත්අඩංගුවට පත්වීම හේතුවෙන් ඝාතනයෙන් පසුව රටින් පැනයාමට සැලසුම් කර තිබූ සියලු සැලසුම් අසාර්ථක වූ බවයි.

එමෙන්ම පොලීසිය පවසන්නේ කංජිපානි ඉම්රාන්ගේ කොන්ත්‍රාත්තුවකට අනුව ලොකු පැටී නමැත්තා මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවයි.

පසුගිය 23 වැනිදා දෙහිවල පල්ලියදොර පාරේ පිහිටි නිවසක රැඳී සිටියදී ත්අඩංගුවට ගත් ප්‍රධාන වෙඩික්කරු සිංහ රෙජිමේන්තුවේ හිටපු යුද හමුදා සෙබළෙක් වන අතර අජිත් රෝහණ නොහොත් චණ්ඩි නැමති 31 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී ටී 56 උණ්ඩ 165 ක් මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 77ක් විවිධ වර්ගයේ වෙනත් උණ්ඩ 17ක් පොයින්ට් 38 වර්ගයේ උණ්ඩ 8ක් බෝර 12 වර්ගයේ පතොරම් 4ක්ද තිබී ඇති අතර ඊට අමතරව ටී 56 වර්ගයේ ගිනි අවියක් ෂොට් ගන් එකක් පිස්තෝල මැගසින් එකක් මිලිමීටර් 9 පතොරම් ගැබ් එකක්, අත් විලංගුවක් සයනයිට් කරල් 2ක් සහ ජංගම දුරකථන 3ක් හමුවී ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka