gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රී පෙම්වතාගේ ලිංගේන්ද්‍රය කැපු වෛද්‍ය පෙම්වතිය අත්අඩංගුවට!

සිය ප්‍රේමවන්තයාගේ ලිංගේන්ද්‍රය කපා දැමූ වෛද්‍යවරියක් සම්බන්ධ පුවතක් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

එම වෛද්‍යවරිය 25 හැවිරිදි වියේ පසුවන අතර මෙම සිදුවීමට මුහුණදුන් පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන මන්ත්‍රීවරයෙක් බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

සිදුවිමට මුහුණ දුන් මන්ත්‍රීවරයා මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

මොවුන් දෙදෙනා අතර වසර කිහිපයක් ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති අතර නමුත් පෙම්වතා විසින් දිගින් දිගටම විවාහ වීම ප්‍රතික්ෂේප කිරීම නිසා මානසික පීඩනයට පත් වූ ඇය මෙලෙස එම පුද්ගලයාගේ ලිංගේන්ද්‍රය කපා දමා තිබෙන බවට එරට මාධ්‍ය වාර්තා පවසනවා.

ඇය විසින් එලෙස කපාදමන ලද ලිංගේන්ද්‍රය වැසිකිලියට දමා බැහැර කර තිබෙන බවට පැවසෙනවා

සිද්ධියට සම්බන්ධ සැකකාර වෛද්‍යවරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සන්තකයේ තිබී ලේ තැවරුණු පිහියක් ද සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිව තිබෙනවා.

පෙම් සබඳතාව පැවැත් වූ කාලය තුළ තමාව විවාහ කරගන්නා මුවාවෙන් තමාව ලිංගික අපයෝජනයට ලක් කළ බවට ඇය විසින් මන්ත්‍රීවරයාට චෝදනා කර තිබුණා.

පෙම්වතා විසින් විවාහ වීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ තමන් දැඩි ලෙස මානසික වේදනාවෙන් පෙළුණු බවට ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔහුට ඖෂධයක් එන්නත් කර ඔහුගේ ලිංගේන්ද්‍රිය කපා දැමීමට කටයුතු කළ බව ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

එමෙන්ම සිය පෙම්වතාගේ පෙරැත්ත මත තමන් ගබ්සා කිරීම් දෙකක් ද සිදුකළ බව ඇය වැඩිදුරටත් පොලිසිය හමුවේ පවසා තිබෙන බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka