gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුතාට අතවර කළැයි පියාව හිරේ යවන්න හැදූ මවගේ සැලසුම එළිවෙයි : පියාව නිදහස් කරන්න අධිකරණයෙන් නියෝග!

තමාගේම සිව්හැවරිදි පුතාට අතවර කළ බවට වන චෝදනාවකට වරදකරු වී වසර 16ක සිරදඬුවම් නියම වු පියකු ඉදිරිපත් කළ ඇපෑලක් සළකා බැලු අභියාචනාධිකරණය සිරදඬුවම් විඳිමින් සිටි පියා නිදොස් කර නිදහස් කර තිබෙනවා.

විත්තිකරුගේ බිරිඳ දරුවා යොදාගෙන තම සේවාදායකයාට එරෙහිව අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවට විත්තිකාර පාර්ශවයේ නීතිඥයා විසින් අධිකරණය ඉදිරියේ කරුණු දක්වා තිබෙනවා.

එමෙන්ම දරුවා ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට දුන් කටඋත්තරයේදී මව දරුවා ලඟ සිට ඔහුට උගන්වන අයුරූ ළමා ආරක්‍ෂක අධිකාරිය මහාධිකරණයට ඉදිරිපත් කර ඇති පිටපතේ සදහන් කර නැතැයි පෙන්වා දෙමින් නීතීඥ දර්ශන කුරුප්පු දැක්වු කරුණු සළකා බැලු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිරදඬුවම් විඳිමින් සිටි පියා ඒ අවස්ථාවේදීම නිදොස් කර නිදහස් කළ බව සඳහන්.

අම්මාගේ ඉගැන්වීම මත සිව්හැවරිදි දරුවා විසින් පියාට එරෙහිව ළමා ආරක්‍ෂක අධිකාරියට දුන් ප්‍රකාශය නිවැරදි නොවන ආකාරයෙන් සටහන් කර ඉදිරිපත් කර ඇතැයිද එවැනි ලේඛණයක් පදනම් කරගනිමින් මහාධිකරණය විසින් විත්තිකාර පියා වැරදිකරු කර සිරදඬුවම් නියම කර ඇතැයිද නීතීඥ දර්ශන කුරුප්පු ‍ හෙළි කිරීම නිසා නොකළ වරදකට වසර 02ක කාලයක් බන්ධනාගාරයෙය් රඳවනු ලැබ සිටි බ්‍රිටෝ හේමන්ත නමැති පියා එලෙස නිදහස් කෙරුණා.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන පී. කුමාරත්නම් සහ සම්පත් අබේකෝන් විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී හෙළි වු කරුණු අනුව එලෙස නියම කර තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka