gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආයුර්වේදයේ විදිහට ඇඟ තලාගන්න එන්න කියලා ඇතුලේ වෙන වැඩක් කරලා...මෙන්න පොළොන්නරුවෙන් ඇසෙන කතාව

සම්බාහනය මුවාවෙන් සිදු කරන ජාවාරම් ගැන නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙනවා.

ඒවා මැඬලන්න පොලීසිය ඇතුළු නීතිය රකින තැන් බොහෝ වෙහෙස මහන්සියක් ගන්නවා.

මේ කියන්න යන්නේ ඒ වගේ ඇසෙන තවත් ප්‍රවෘත්තියක්.

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වැටලීමට පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත් වී තිබෙනවා.

එහිදී කළමනාකරුවන් සිව්දෙනකු ඇතුළු ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් 11 අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්අඩංගුවට ගත් කළමනාකරුවන් සිව්දෙනා මොනරාගල, සීගිරිය, ගම්පහ, මහියංගනය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 19 ත්, 35 යන වයසේ පසු වන්නන්.

පොලිසිය සඳහන් කළේ මෙසේ ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන් දිඹුලාගල දළුකාන, හබරණ, කැලණිය, මොණරාගල, පූනානි, අනුරාධපුරය සහ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19, 27, 33, 47, 33, 48, යන වයසේ පසුවන කාන්තාවන් බවයි.

ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන්ට අඩු මුදලක් දී මෙම කළමනාකරුවන් වැඩි මුදලක් උපයා ඇති බවටද පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

මෙම සම්බාහන නිවාස දිගු කලක සිට පවත්වාගෙන ගොස් ඇති බවටයි මේ වන විට තොරතුරු හෙළි වී ඇත්තේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka