gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"දෛවය කියන එක ඒ තරම් නපුරුද? හීන බලාපොරොත්තු නැති වෙන්න එක තත්පරයක් හොඳටම ඇති..." ඇයට අත්වූ අවාසනාවන්ත ඉරණම

ග්‍රාම නිලධාරි විභාගයෙන් සමත් වී පත් වීම ලබා ගැනීමට පුහුණුව ලබමින් සිටි 25 හැවිරිදි උපාධිධාරිනියක මිය ගොස් ඇති බව උඩදුම්බර පොලිසිය පවසනවා.

හුන්නස්ගිරියේ රඹුක්පොත පදිංචි පිලිප් නග්මා නමැති යුවතිය මෙසේ මිය ගොස් ඇති අතර තෙල්දෙණිය රෝහලේදී මරණ පරීක්ෂණය සිදු කෙරුණා.

මරණ පරීක්ෂණයේදී මිය ගිය යුවතියගේ පියා සාක්ෂි ලබා දෙමින් මෙසේ සදහන් කරනවා.

" මගේ දුව හුන්නස්ගිරිය ශිවනේෂ්වරා විද්‍යාලයේ උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. ඉන් පස්සෙ මඩකලපුව විශ්ව විද්‍යාලයට තේරුණා. උපාධිය ලබා ගැනීමෙන් පසුව ග්‍රාම නිලධාරි විභාගයට පෙනී හිටියා. ග්‍රාම නිලධාරි විභාගය පාස් වෙලා මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පත් වීම ලැබුණා. එහිදී පුහුණුව ලබා සිටින කාලයේදී තමයි දුව මිය ගියේ. දුව ගොඩක් දුක් මහන්සි වෙලයි ඉගෙන ගත්තේ. දුව මිය ගිය එක ගැන මමයි මගේ බිරිඳයි ගොඩක් දුක් වෙනවා."

තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ආර්.එම්.ආර්. අනුරුද්ධ රත්නායක පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය පවත්වා මොළයේ තිබූ ගෙඩියක් පිපිරී රුධිරය වහනය වීමෙන් මරණය සිදු වී ඇති බවයි සදහන් කරන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka