කොමොරෝස් දුපත් ධජය යටතේ යාත්‍රා කළ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඕමාන මුහුදේදී අනතුරට ලක්වීමෙන් එහි සේවය කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු ගෙන් යුත් කාර්ය මණ්ඩලය අතුරුදන්ව ඇති බව ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය නිවේදනය කර සිටිනවා.
එලෙස අනතුරට පත්වූ නෞකාවේ කාර්ය මණ්ඩලයේ සිටි සෙසු 13 දෙනා ඉන්දීය ජාතිකයින් වේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ‘ප්‍රෙස්ටීජ් ෆැල්කන්’ නම් වූ මීටර් 117ක දිගින් යුත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් බව ඕමාන බලධාරීන් පවසයි.
නෞකාව යේමනයේ ඒඩන් වරාය වෙත යාත්‍රා කරමින් තිබූ බව පැවසෙයි.