gossip lanka

'ක්ලබ් වසන්ත' ඝාතනයත් එක්ක එළියට ආව, බණ්ඩා ඝාතන තැත! : අංගොඩ ලොක්කාගේ කුලී ඝාතකයින්ගේ ගොදුරක් වුණු සඳුනි

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් 'ක්ලබ් වසන්ත' ඝාතනය, මේ වෙද්දි සමාජයේ බොහෝ පිරිසක් සලිත කිරීමට සමත් වුණු සිදුවීමක් කිව්වොත් හරි.

'ක්ලබ් වසන්ත' ඝාතනයත් එක්ක එළියට ආව තවත් කතා සෑහෙන්න.

ඒ අතර කාගෙත් අවදානය දිනූවකි, මෙම ඝාතනය වූ ස්ථානයෙන් මීට පෙරත් ඇසුණු ඝාතන සිදුවීම.

ඒ පිළිබඳව පෙරේදා  (08) පොලිස් මාධ්‍ය හමුවේදී ද කතාබහ කර තිබුණා.

කෙසේ නමුත් එම සිදුවීම හා ඊයේ සිදුවීම අතර යම්කිසි සබඳතාවක් තිබූ බවට මෙතෙක් අනාවරණය වී නොමැති බවයි එහිදී සඳහන් කර සිටියේ.

මීට ඉහත, එනම් 2017දී එයාකාරයෙන් එහි ඝාතනයට ලක් වුණේ කවුද ? මේ දිගහැරෙන්නේ ඒ සම්පූර්ණ කතාවයි.


40 වැනි වියේ පසු වූ සඳුනි සුරූපී කාන්තාවක්. ඒ වගේම ඈ දරුවන් දෙදෙනෙකුගේ මවක්.

සැමියා හා එක්ව 'සිටියා' වුණත් ඈ යහපත් පවුල් ජීවිතයක් නම් ගත කළේ නැහැ කියන එක ප්‍රසිද්ධ කතාවක්.

සඳුනි වෘත්තියෙන් 'රූපලාවන්‍ය ශිල්පිනියක්' වූ අතර, ඈ අතුරුගිරිය නගරයේ 'රූපලාවන්‍යාගාරයක්' ද පවත්වාගෙන ගියා. (ඊයේ 'ක්ලබ් වසන්ත' ඝාතනය වූ සැලූන් එක)

අතුරුගිරිය 'භීතියට' පත් කෙරූ 'පාතාල මැරයින්' කඩා පාත්වෙන්නෙ මේ අතරතුරයි.

ධනවත් යැයි හැඟුණු ව්‍යාපාරිකයින්ගෙන් 'කප්පම්' ඉල්ලූ මෙකී 'මැරවරයින්' අතර සිටි 'දමිත්' නම් පාතාල සාමාජිකයා හා සඳුනි ඇසුරකට වැටී තිබුණා.

'දරු දෙදෙනා හා සැමියා' නොතැකූ ඈ අනතුරුව 'පාතාල සාමාජිකයා' හා එක්ව වාසය කරන්නට වුණා. (ඇගේ ජීවිතේ අවසානය ඒ දේ නිසා වෙන බැව් ඈ යන්තමින්වත් දැන හිටියේ නැහැ...)

ටනිල් බණ්ඩාර නොහොත් බණ්ඩා යනු 'අංගොඩ ලොක්කා'ගේ සමීපතමයා වූ අතර, ඔහු ද නිරන්තරයෙන් රූපලාවන්‍යාගාරයට රිංගන්නට පටන් ගත්තා.

'මත්වතුර' බොන්නට 'කතා පවත්වන්නට' ඉන් එහා 'මිනී මරන්නට' පාතාල සාමාජිකයින් ට 'හොඳම තෝතැන්න' වූයේ ද මේ 'රූපලාවන්‍යාගාරය' යි.

ඒ එක් මොහොතක 'දමිත්' පොලිස් අත්අඩංගුවට පත්ව 'රිමාන්ඩ් බන්ධනාගාර' ගත වූ අතර, අනතුරුව 'සඳුනි' බන්ධනාගාර නිලධාරියෙක් හා පෙමින් වෙළෙන්නට වුණා.

නමුත් මේ දේ සැල වූ 'දමිත්' කෝපයෙන් ඈ වෙත 'කඩා පනින්නට' ගත්තා. (සත්‍ය වශයෙන්ම සිදු වූයේ ඒ සම්බන්ධතාවය දෙදරා යාමයි)

සඳුනි ඈ ද නොදැනුවත්ව 'පාතාලයන්ගේ' සෙල්ලමක් බවට පත් වන්නෙ ඉන් පසුවයි.

ඈට 'විෂ' පෙවූ 'පාතාලයන්' ඈව ද සිය 'කුලී ඝාතන'වලට හවුල් කරගන්නට වුණා.

'සමයං'ගේ කෙරුම්වලදි ඈ එසේ පෙරමුණ ගත් අතර, වතාවක් 'බණ්ඩා' ඝාතනය කරන්නේ ද ඇගේ 'උදව් උපකාර' ඇතිවයි.

'බ‍ණ්ඩා ඇවිත් ඉන්නවා. මිනිහට ෆේෂල් එකක් දාලා තියෙන්නෙ ඇස් දෙක වැහෙන්න පිපිඤ්ඤා පෙති දෙකකුත් දාලා තියෙන්නෙ දැන් ආවොත් ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන්...'

කෙසේ හෝ වේවා, 'බණ්ඩා ඝාතනය' නිසාම සඳුනිට ද අත්අඩංගුවට පත් වන්නට සිදු වනවා. ඈව මුදා හරින්නේ ද දැඩි 'ඇප කොන්දේසි' මතයි.

'සඳුනි'ගෙන් 'පළිගැනීම'ට මාන බලමින් සිටි අංගොඩ ලොක්කා ඇතුළු කල්ලිය ඇගේ රූපලාවන්‍යාගාරය ද සුනුවිසුනු කොට තිබුණේ ඒවා ගිනිබත් කරමිනු යි.


කෙසේ හෝ වේවා එක් දිනක 'මහා රාත්‍රීයේ'ම 'සඳුනි' සොයා ආ 'කුලී ඝාතකයින්' පිරිසක් ඈව නො එනා ගමනක් යවා තිබුණා. (ඒ වෙඩි ප්‍රහාර 13ක් එල්ල කරමිනු යි)

'අංගොඩ ලොක්කා' මෙරට පාතාලයේ 'සුවිශේෂී චරිතයක්' වන්නෙ ඔහු විසින් සිදු කරන්නට යෙදෙන මෙවැනි අතිශය 'බිහිසුණු' ක්‍රියාදාමයන් නිසාමයි.

'චිත්‍රපට' කතාන්දර මෙන් ඔහුගේ 'කතාන්දර' තුළ ද අඩුවක් නැති 'පළිගැනීම්, අපරාධ' සහ ඉන් එහා ගිය 'ලිංගිකත්වය' පවා මනාවට පිළිඹිබු වෙයි.

'අංගොඩ ලොක්කා' මිය ගියා යැයි 'ලෝකයක්' මේ මොහොතේ කියනවා වුණත්, ඇතැම් විටෙක ඔහු කොහේ හෝ හිඳ (ප්ලාස්ටික් සැත්කමකින් හරි මුහුණ වෙනස් කරගෙන නම්...) බලා ඉන්නවා වන්නට ද පුළුවන්. (නැතහොත් දැනටම වෙනස් අනන්‍යතාවයකින් මෙරටට පැමිණ සිටිනවා වෙන්නත් පුළුවන්....)

ආශ්‍රිත තොරතුරු දිවයින පුවත්පත/ලංකාදීප පුවත්පත/ද ලීඩර්


gossip lanka