gossip lanka

''මට හතුරුකම් කරපු කෙනෙක් වුණත් මගේ ආයතනයට ආවොත්, එයාට සලකන්නේ මගේ පාරිභෝගිකයකුට සලකන විදිහට'': කිරුළු හුටපටය නිසා විරසක වුණු කැරොලයින් - පුෂ්පිකා යළි සුහද වෙලා ?

මීට වසර කිහිපයකට ඉහත පුවත් මැවූ තරු චරිත දෙකක් තමයි, කැරොලයින් ජූරි - පුෂ්පිකා ද සිල්වා කියන්නෙ.

ඔවුන් එහෙම පුවත් මැව්වෙ 'රූ කිරුළු හුටපටයක්' නිසා.

මේ ඡායාරූප දැක්කාම කතාව මතක් වෙයි.

ඔය සිදුවීමෙන් පස්සෙ දෙන්නා ටිකක් විතර විරසක වෙලයි උන්නෙ.

එතනින් එහාට ඔවුන් එකිනෙකා මුණගැසීමක් හෝ ගැන අහන්න දකින්න ලැබුණෙ නෑ.

ඔන්න එහෙම උන්නු දෙන්නා ආයෙම මුණගැහිලා. ඒ පුෂ්පිකාගේ ව්‍යාපාර ස්ථානයේදී.

එහෙම තමන්ගේ තැනට ආව කැරොලයින් ගැන පුංචි වීඩියෝවක් එක්කම පුෂ්පිකා සටහනක් ද තබා තිබුණා.

ඒ, පැරණි සිදුවීම ආයෙමත් ආවර්ජනය කරමින්.

''මට මේ ගැන මොකක්ද කියන්න පුළුවන් ?

(04.04.2021- 08.07.2024)

මට මොන තරම් හතුරුකම් කරපු, මාව කොයිතරම් අපහසුතාවයට පත් කරපු කෙනෙක් වුණත් මගේ ආයතනයට ආවොත්, මම එයාට සලකන්නේ මගේ පාරිභෝගිකයකුට සලකන විදිහට.

මම එදත් අදත් මගේ ජීවිතය ජයග්‍රහණය කළේ ඉවසීම නිසා.

ඕනම කෙනෙක් කලබල වෙයි කියලා හිතෙන වෙලාවල්වලදී පවා මම ඉවසීමෙන් හිටපු හැටි මුළු ලෝකයක් දැක්කා.

දෙවියන් වහන්සේගේ ආශිර්වාදය, ආදරය මට හැමතිස්සෙම ලැබෙන්නෙත් මගේ මේ ඉවසීම සහ මගේ සතුරන්ට සමාව දීම නිසාමයි.

කාලය හැමදේම වෙනස් කරනවා, කාලය, ඉවසන කෙනාට ජයග්‍රහණය ලබා දෙනවා.

අද මම ඉන්නෙ කොතනද? මට ප්‍රශ්න ඇති කරපු අයට මම ස්තූතිවන්ත වෙනවා.

ඒ අත්දැකීම් වලින් මම තව තවත් ශක්තිමත් කරපු නිසා. මම කොච්චර ශක්තිමත් ගැහැනියක්ද කියන එක මම දැනගත්තෙත් ඒ වගේ සිදුවීම්වලට මුහුණ දෙනකොට තමයි.

මුළු ලෝකයක් ඉස්සරහ මාව අපහසුතාවයට පත් කරපු පුද්ගලයෙක් වුණත්, ඒ සිදුවීම තවමත් මුළු ලෝකයටම මතක තිබුණත්, ඒ කෙනා අවුරුදු ගානකට පස්සේ මගේ ෂොප් එකට ආවොත්, මගේ හිතේ එයා ගැන කිසිම තරහක් නැහැ.

මම මේ ලෝකයේ ඉන්න සියලුම කාන්තාවන්ට ආදරෙයි. “කාන්තාවක් හැමවිටම අනිත් කාන්තාවන් වෙනුවෙන් නැගී සිටිය යුතුයි. ඔවුන්ව ධෛර්යමත් කරන්නට ශක්තිමත් කරන්නට උත්සාහ කළ යුතුයි” කියලයි මම නිතරම හිතන්නේ.

ඒ නිසා කැරොලයින් ජූරි, මගේ Pushpika De Silva jewelry ආයතනයට පැමිණීම වෙනුවෙන් ඔබට බොහොම ස්තුතියි!

“සැබෑ රැජිනක් යනු තවත් ගැහැණියකගේ කිරුළ උදුරාගන්නා අයෙකු නොව අනිත් ගැහැනියගේ හිසේ කිරුළ සකසන කාන්තාවයි

- පුෂ්පිකා ද සිල්වා''
gossip lanka