gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ත්‍රීකුණාමලයේදී අතුරුදන්වූ ඊශ්‍රයාල තරුණිය කැලයකින් හමුවේ!

ත්‍රිකුණාමලය, උප්පුවේලි ප්‍රදේශයේදී අතුරුදන් වූ බවට තොරතුරු ලැබුණ ඊශ්‍රායල ජාතික සංචාරක තරුණියක ඒකාබද්ධ පොලිස් සෝදිසි මෙහෙයුමකින් අනතුරුව දින තුනකට පසුව පෙරේදා  (29) සොයාගත් බව වාර්තාවේ.

25 හැවිරිදි තාමර් අමිතායි නමැති ඇය පසුගිය අඟහරුවාදා ත්‍රිකුණාමලයට පැමිණ ඇති අතර ඇය අන්තර්ජාලය හරහා හෝටලයක වෙන්කරවා ගෙන ඇත.

ඇය නවාතැන්ගත් හෝටලයට නැවත නොපැමිණි හෙයින් ඇය බදාදා සිට අතුරුදන් වූ බවට හෝටලය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ උපදෙස් මත පොලිසිය, හමුදාව සහ නැගෙනහිර පළාත් සංචාරක අධිකාරිය එක්ව සෝදිසි මෙහෙයුමක් සංවිධානය කර තිබුණි.

හෝටලයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි කැලෑබද ප්‍රදේශයක ගල්තලාවක් අසල විදේශීය කාන්තාවක් අන්ද මන්දව සිටිනු දක්නට ලැබෙන බවට ගම්වාසියෙකුගෙන් ලැබුණ තොරතුරු අනුව ඇය ගැන සෝදිසි කළ හැකි විය.

එම තරුණිය නිලාවේලි ප්‍රදේශයේ කඳුබෑවුමකදී ලිස්සා යාමකට ලක්ව සිරවී සිටි බවත් පසුව අසාධ්‍යව කැලයේ රැඳී සිටි බවත් පසුව වාර්තා විය.

සංචාරක තරුණිය උප්පුවේලි රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇගේ තත්ත්වය ස්ථාවර බව රෝහල සඳහන් කරයි.

සීරීම් සහ සුළු තුවාල ලබා සිටි ඇය ත්‍රිකුණාමලය මහ රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටින අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු උප්පුවේලී පොලීසිය මගින් සිදුකරනු ලබයි.

මෙම අතුරුදහන්වීම මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවලද දැඩි අවධානයකට ලක් විය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka