gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“Devon 5” බහුදින යාත්‍රාවේ ජීවතුන් අතර සිටින එකම ධීවර කාර්මිකයා බේරාගන්න නාවික හමුදා වෛද්‍යවරු දැඩි මෙහෙයුමක!

“Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ ගමන් ගත් ධීවරයින් 06 දෙනාගෙන් දැනට දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් ජීවිතය සමග පොරබදමින් සිටින එකම ධීවරයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා විජයබාහු නෞකාවේ සිටින නාවික හමුදා වෛද්‍ය කණ්ඩායම දැඩි වෙහෙසක් ගනිමින් සිිටින බව නාවික හමුදාව නිවේදනය කරයි.

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ‘MV KOTA CAMIL’ නමැති වෙළඳ නෞකාව අද දින (30) උදෑසන “Devon 5” බහුදින ධීවර යාත්‍රාව තුළ අසාධ්‍ය තත්වයෙන් ජීවතුන් අතර සිටි ධීවරයින් දෙදෙනා මුදවා ගත්ත ද ඉන් එක් ධීවර කාර්මිකයෙක් ‘MV KOTA CAMIL’ නෞකාව තුළ දී මිය ගියේ.ය

අසාද්‍ය තත්වයේ සිටි අනෙක් ධීවරයා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව වෙත අද දින (2024 ජුනි 30) සන්ධ්‍යාවේදී දෙවුන්දර සිට නාවික සැතපුම් 170 ක් (කිලෝමීටර් 314 ක පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී භාර දී තිබිණි.

MV KOTA CAMIL’ නෞකාව තුළදී ජීවිතක්ෂයට පත් ධීවරයාගේ මෘත දේහයද රැගෙන මේ වන විට විජයබාහු නෞකාව ගොඩබිම වෙත පැමිණෙමින් සිටින බව නාවික හමුදා නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

කෙසේ වෙතත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය උපුටා දකවමින් ලංකාදීප වාර්තා කරන්නේ “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි මියගිය ධීවරයන් 5 දෙනාගේ මෘත දේහ ද විජයබාහු නෞකාව මගින් රැගෙන ඒමට නියමිත බවය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka