gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට..." - කොස් ගෙඩියක් කඩාගත් වරදට පාපතර පුත්‍රයෙකු මවකට කළ අපරාධය

ආහාරය සඳහා කොස් ගෙඩියක් කඩා ගත් මවට ඇගේ බාල පුත්‍රයා විසින් අමානුෂික ලෙස පහර දුන් පුවතක් මොනරාගල, දොඹගහවෙල, හෙරලි ගස්යාය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. 

පහරදීම හේතුවෙන් අදාළ මව සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සදහන් කලේ.

පහරදීම සිදුකළ සැකකාර පුත්‍රයා ඔහුගේ බිරිඳ සහ දරුවාද සමඟින් මව සහ පියා විසින් ඉදිකළ නිවස සහ ඉඩමේ පදිංචිව සිට ඇති අතර ඒ අනුව මව්පියන් කුඩා නිවසක් ඉදිකර ගෙන වෙන්ව ජීවත්ව තිබෙනවා.

රාත්‍රි ආහාරය වෙනුවෙන් ඉඩම ආසන්නයේ ඇති කොස් ගසකින් ගෙඩියක් කඩා ගැනීමට උරණ වූ මෙම පුත්‍රයා විසින් මවට විදුලි පන්දමකින් පහර දී ඇති අතර පහරකෑමට ලක්වූ මවට දරුවන් තිදෙනෙකු සිටින අතර පහරදුන් පුත්‍රයාට ද දරුවෙක් සිටින බව සදහන්.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දොඹගහවෙල පොලිසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka